Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Program (2015) with Sinhala Subtitles |රහසිගත වැඩසටහන. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Program (2015)

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි පස්වැනි උපසිරසත් අරන් ආවා. ඒ ගැන නම් සතුටුයි. වෙනද වගේම මේ ෆිලුමත් මට බාර දුන්නෙ සමීර අයිය. මේක තමයි මගේ පලවෙනි වතාව IMDb අගය 6ට වැඩි චිත්‍රපටියකට උපසිරසි හදන. ඒ නිසා සමීර අයියට ස්තුති නොකරම බැහැ. ඒ වගේම හැම දෙනාගෙම ඉල්ලීම පරිදි අද අඩු MB ගණනක් තියන වීඩියෝ පිටපතකුත් ගෙනාවා.

හරි ඉස්සෙල්ලම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ වගේම මේකට IMDb අගය 6.5 ලැබිල තියන නිසා මේක නියම චිත්‍රපටියක්. ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් කියන්නෙ ලෝකයේ හිටිය දක්ශ පාපැදි තරගකරුවෙක්. ඔහු ගැන තමයි මේ කථාව. ඔහුගෙ සැබෑ ජීවිතයෙ දක්ශතා ගැන කථා කලොත් ප්‍රංශ සවාරිය ඔහු 7 සැරයක්ම ජයගන්නව. ඒ වගේම 1993 World Road Race Championship එකත් ජය ගන්නව. මේ වගේ ප්‍රධාන පෙලේ ජයග්‍රහණ රාශියක්ම ඔහු අරගෙන තියනව. මේ චිත්‍රපටිය හැදෙන්නෙ මේ සියලු කරුණු පාදක කරගෙන. ඉතින් මේ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට පිලිකාවක් හැදෙනව. නමුත් කෙසේ හෝ ඔහු පිලිකාව පරාජය කරනව. නමුත් ඔහුට ඊට පස්සෙ පාපැදි තරග පදින්න බැරි වෙනව. මේ අතරෙදි තමයි ඔහුට ඩොක්ටර් ෆෙරාරි කියන කෙනාව මුණගැහෙන්නෙ. ඉතින් මේ ෆෙරාරි ලාන්ස්ට උදව් කරනව නැවත නැගිටින්න. ඒ කොහොමද කියල ඔයාලට ෆිලුම බැලුවම බලාගන්න පුලුවන්. ඊට පස්සෙ ඔහු ප්‍රංශ සවාරිය ඇතුලු ගොඩක් තරග ජයගන්නව. මේ අතරෙ ඩේවිඩ් කියල පත්තර වාර්තාකරුවෙක් ලාන්ස් ගැන සත්‍ය තොරතුරු හොයනව. අන්තිමට ලාන්ස්ට මොකද වෙන්නෙ? හරි එහෙනම් ෆිලුම බලන්න ඔයාලට බාර දීල අදට මම සමුගන්නව. තවත් සුපිරි චිත්‍රපටියකින් හමුවෙමු. ඒ වගේම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාල හැමෝටම සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව!

The Program (2015) on IMDb

 

 

773 MB (720p.BR.x264) කොපිය මෙතනින් බාගන්න

C5738970C97DC64926B74981262244CD5D0167C2

1.30 GB (1080p.BR.x265) කොපිය මෙතනින් බාගන්න

BB5C81F98BD9EC7B173ACB48D15A23FABD3CCC1F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>