කොහොමද හැමෝටම.ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි 100 කතාමාලාවේ 4වන සමය ආරම්භ කරන්නයි ඉක්මනට කොටලා ඉවරයක් කළා ආව දවසෙම ඈ 7.00 වෙද්දී.පළමු සහ දෙවන සමයන් ඔබට ගෙන ආවේ රොයිලි අයියා. 3 වන කතා සමයේදී ඒ වගකීම මට පැවරුණා.ඉතින් මේ සූදානම 4වන සමයත් ඔබ හමුවේ තබන්නයි.හරි එහෙමනම් කතාව බලාපු අයනම් මේ ගැන අඩුවක් නැතුව දන්නවා ඇතිනේ. නමුත් නොබලපු පිරිස් වෙනුවෙන් මං පෙර කතාමාලාවන් ගැන යම් මතක් කිරීමක් කරන්නම්.
පළමු කථාමාලාව.
න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් පෘථිවිය ජීවිත්වීමට සුදුසුදැයි යන්න පරික්ෂා කිරීමට තරුණයින් 100 දෙනෙකු පෘථිවිය වෙත එවනවා.ඒ අතරින් ක්ලාක්,බෙලමි,ඔක්ටෙවියා,ජස්පර්,ෆින්,වේල්ස්,මොන්ට්,මර්ෆි යන අය මුලිකත්වයක් ගත්තා නොවෑ.පෘථිවියේ පාරිසරික තත්වය සහ වාතය ජිවය පැවතීමට යෝග්‍ය ලෙස තමා තියෙන්නේ. නමුත් ඔවුන්ට වෙනත් තර්ජනයක් එල්ල වෙනවා. ඒ තමා පෘථිවියේ ජිවත්වෙන්නන් හෙවත් ‘භුමිවාසින්”. ඉතින් මේ භුමිවාසින් සමග අහසින් පැමිණි අයට සටන් වැදීමට සිදුවෙනවා. පිරිස් බලයෙන් අඩුවුනත් ඔවුන්ගේ තාක්ෂනය සහ දැනුම ඔවුන්ගේ වාසියට හේතුවක් වුනා.අවසානයේ සටනකින් භුමිවාසින් 300කට අධික පිරිසක් මරා දමා ජය ගැන්මට ඔවුන් සමත්වෙනවා. නමුත් ඒ හා සමගම නව තර්ජනයක් මතුව එනවා.
දෙවැනි කථාමාලාව.
පළමු කතාමාලාව අවසානයේ කදුකරවාසින් විසින් ඔවුන්ව අල්ලාගන්නවා. මේ වෙද්දී අභ්‍යවකාශයේ හිටපු පිරිසත් පෘථිවියට ඇවිත් ඉවරයි. කවුද මේ කදුකරවාසින් කියන්නේ? ඔවුන් ම්ලේච්ඡ හෝ ග්‍රෝත්‍රික ජන කොටසක් නෙවෙයි.මවුන්ට් වෙදර් නම් භූගත හමුදා කදවුරක දිවි ගෙවන ආකාශ වැසියන් මෙන්ම ඉහල තාක්ෂණයකට උරුමකම් කියමින් දිවි ගෙවන පිරිසක්.භුමිවාසින් පවා මොවුන්ට බියක් දක්වනවා. ඔවුන් මිත්‍රශීලි ලෙස පෙනී හිටියත් ඇතුලතින් ඔවුන් භුමිවාසින්ටත් වඩා රුදුරු බව ක්ලාක් දැනගන්නවා.අවසානයේ ඇය ඒ ස්ථානයෙන් පලාවිත් තම මිතුරන් සහ භුමිවාසි ජනයා කදුකර වාසීන්ගෙන් මුදාගැනීමට දෙපක්ෂයේ ඒකාබද්ධ සේනාවන් සමග සටනකට මුල පිරුවත් භුමිවාසි නායකයා අවසන සටනින් ඉවත්ව යන්නේ කදුකරවාසින් සමග ඇති කරගත එකගතාවයක් නිසාවෙන්. මේ නිසා ක්ලාක් තීරණය කරනවා තනිව තම මිතුරන් මුදාගැනීමට. ඒ සදහා ඇය සියලුම කදුකරවාසින් ඝාතනය කරනවා.
තෙවැනි කතාමාලාව.
තෙවැනි කතාමාලාව පටන්ගනිද්දී කට්ටියටම මතක ඇතිනේ ක්ලාක් ආකේඩියාවේ නැහැ. ඇය වනයකට වෙලා තනියම තමා දිවි ගෙවන්නේ. කදුකරවාසින්ව ඝාතනය කළ නිසාම ඇයට වන්හේඩා නැතිනම් මරණයේ පාලකයා කියලා නමක් එහෙමත් පට බැදෙනවනේ.ඒවගේම කතාව ආරම්භයේදී අයිස් ජාතින් සමග යුද්දෙකට එහෙමත් මුල පුරන්න වෙනවා. කොහොමින්හරි ආකේඩියාව දහතුන්වන ගෝත්‍රය ලෙස කමාන්ඩර්ගේ(ලෙක්සාගේ) පාලනය පිළිගැනීමත් සමග එය අවසන් වෙනවා. ඒවගේම කට්ටියට මතකද දන්නේ නැහැ කතාවේ මැද හරිය වගේ වෙද්දී ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ආලෝකයේ නගරය. ඒ ජාහා ආලෝකයේ නගරයට ඇතුල්වෙන යතුරුත් සමග නැවත පැමිණීමත් සමග. මේ ආලෝකයේ නගරයට ආකේඩියාව මෙන්ම බොහොමයක් ගෝත්‍රික ජනයාද නතු වෙනවා. නමුත් අවසන සුපුරුදු ලෙස ක්ලාක් ඔවුන්ව බේරගන්න මුල පුරනවා. ආ ඒවගේම තෙවන සමය කතාමාලාවේ ප්‍රධාන චරිත සමුගැන්මකට ලක්වූ සමයක් වූහ.
හතරවන කතාමාලාව.
හොදයි එහෙමනම් ඔන්න අවුරුද්දකට විතර පස්සේ හතරවන කතාමාලාව පටන්ගත්තා. ඉතින් දැන් මේ වෙද්දී ට්‍රේලරේ බලපු හැමෝම වගේ දන්නවා හතරවන කතාසමයට පාදක වෙන මූලික සිදුවීම. ඒ තමා ඇලීගේ අනාවැකිය. මතක ඇතිනේ තුන්වන කතාමාලාව අවසානයෙ ඇලීගේ විනාශ වීමට පෙර ඇය යම්දෙයක් ක්ලාක්ට කියනවා. ඇය පවසනවා පෘථිවියෙන් 96%ක ප්‍රමානයක් වාසය කිරීමට නොසුදුසු තත්වයට පත්වෙන බවත් ඇය උත්සහ කරන්නේ එයින් ඔවුන්ව මුදාගැනීමට බවත්. අද කතාව පටාන්ගන්නේ ඇලීව නවත්තපු තැන ඉදන්. ඉතින් මොකද වෙන්නේ කියලා මං මොකවත්ම කියන්නේ නෑ. ඔයාලට ඒක බලලම දැනගන්න ඉඩ තියමින් මම සමු ගන්නවා.එහෙනම් කලින් කතාමාලාවේ වගේම මේකෙදිත් කට්ටිය සහයෝගය දෙයි කියලා හිතනව.
ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
853 downloads
<<Previous Season All Episodes Next Episodes >>