කොහොමද ඉතිං කස්ටියට? ඔන්න එහෙනම් මාස එක හමාරක පමණ නිවාඩුවකින් පස්සෙ නැවතත් Quantico කතාමාලාව අරගෙන තමයි ආවෙ. මුලින් කියන්න ඕනා මේක ගේන්න පරක්කු උනේ, මේකේ ඉංග්‍රීසි උපසිරසේ වැරදි ගොඩක් තිබ්බා. අනික හරිම අමාරු උපසිරසක් මේක. දන්නේ නැති වචන ගොඩයි. වැරදි ඇති. ඒක නිසා ඒකට සමා වෙන්ඩ කියලා මුලින්ම කියන්න ඕනා. ඉතිං 8 වැනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරල ඉන්නම් මුලින්ම.
හැරී, සෙබස්තියන් සහ ලියෝ පැමිණ ඇලෙක්ස්ව සහ ඩයානාව බේරගන්නව. ඒ වගේම හතර දෙනාම ඩයානාවත් රැගෙන බංකරය වෙතට යනව. එහිදී ඇලෙක්ස් ෂෙල්බි සමග දුරකථනයකින් සම්බන්ධවෙනවා. ඒ වගේම එහි මුලු නගරයම විනාශ කිරීමට හැකි ජෛව අවිය තිබෙන ස්ථානය ගැන ෂෙල්බි ඇයට පවසනවා. ඉතිං කස්ටියම එම ජෛව අවිය සොයාගෙන යනව. නමුත් එය නිෂ්ක්‍රීය කිරීමට ඔවුන්ට අවස්ථාවක් හම්බෙන්නෙ නම් නැහැ. ඒ ගේම ඔවුන් දැනගන්නව එය නගරය විනාශ කිරීමට නොව එම ගොඩනැගිල්ල පමණක් විනාශ කිරීමට ඇටවූ බෝම්බයක් බව. ඒ වගේම U.S. උතුරු අණදෙන ප්‍රධානියා FBI මූලස්තානයට පැමිණනවා සහ ඇය සූදානම් වෙනවා ත්‍රස්තවාදීන් සහ ප්‍රාණ ඇපකරුවන් සමගම එම ගොඩනැගිල්ල ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් විනාශ කර දැමීමට. ෂෙල්බි ඇයට ඇලෙක්ස් ගැන පවසනවා සහ ඇය ෂෙල්බිහට විනාඩි 48 ලබාදෙනවා. එලෙසම අවසානයේදී ඔවුන් සියලුදෙනාම ත්‍රස්තවාදීන්ට හසුවෙනව. අවසානයේදී ඇලෙක්ස් දැනගන්නවා රයන්ද ත්‍රස්තවාදීන්ට සම්බන්ධයි කියල.
ඒ වගේම අතීත කතාවේ පසුගිය කොටසේ ඔවුන්ට ප්‍රශංසා කිරීම වෙනුවෙන් ගෙදර යාමට නිමාඩුවක් හම්බෙනවා. නමුත් එයත් නිකන්ම යාමට හම්බෙන්නෙ නැහැ. ඒ පසුගිය කොටසෙදිත් ඔවුන්ට පරික්ෂණයකින් සමත් වීමට සිදු වෙනවා. ඒ තමයි ඉතිං ඔවුන්ගේ ආවරණය ආරක්ෂා කරගැනීම සදහා හැමදෙනාම පිළිගත යුතු බොරුවක් කීමට සිදුවෙනවා. එවගේම AIC යට තෝරාගත් රයන්ගේ විශ්වාසය පරීක්ෂා කිරීමට ඔවුන් ඔහුට පරීක්ෂණයක් ලබාදෙනවා. එලෙසම ඇලෙක්ස් ෂෙල්බි සහ නීමා ගේ රහස ගැන සොයාගන්නවා. ඒ වගේම ඇලෙක්ස් ව මෙහෙයුමෙන් ඉවත් කරන බව ඔවුන් පවසනවා. ඒ වගේම ඇලෙක්ස්
සහ රයන් විවාහ ගිවසගැනීමත් සිදුකරනවා. කණ්ඩායමෙන් රයන්ට අමතරව AIC ට තෝරාගත් අනෙක් අය ගැනත් පසුගිය කොටසෙන් දැනගන්න ලැබෙනවා. ලියෝ සහ ඩයානා AIC යට තෝරාගත් අය අතර සිටින බව අපට දැනගැනීමට ලැබෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E09.HDTV.x264-LOL
Quantico.S02E09.REPACKHDTV.XviD-FUM
Quantico.S02E09.REPACK.720p.HDTV.x265.ShAaNiG
Quantico.S02E09.REPACK.720p.HDTV.X264-DIMENSION
Quantico.S02E09.REPACK.720p.HDTV.HEVC.x265-RMTeam
Quantico.S02E09.REPACK.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
87 downloads
<<Previous Episode All Episodes Next Episode >>