හොදයි ඔන්න එහෙමනම් කොටලා කොටලා ආව දවසෙම ඉවරයක් කළා. දැන් වෙලාව නවයයි තිහයි. මිට කලින් දෙන්න තිබ්බා කාලගුනේ හරස් වුනේ නැත්නම්. හරි එව්වා වැඩක් නැහැනේ. බලමු කතාවේ මොකෝ වෙන්නේ කියලා, කේන් ඇතුළු පිරිස ආකේඩියාවේන් පැනලා යද්දී ලින්කන් මැරුණා මතක ඇතිනේ කලින් සතියේ. ඉතින් මේ දුක වැඩියෙන්ම කේන්තිය පිට ඔක්ටේවියා ගිහින් බෙලමිට අම්බානෙක පහරදෙනවා. මොන්ටි ආකේඩියාවේන් පිටවෙලා එනවා පයික් දැනගත්ත නිසා කේන්ට පැනලා යන්න මොන්ටි උදව් කල වග. හැබැයි බැලින්නම් ඒකත් උගුලක්. ඔය අතරේ අලුත් කමාන්ඩර්ට පාලනය බාරගන්න විදිහක් නැහැ ක්ලාක් අරගෙන ගියපු පරිපථය නැතුව. මර්ෆියා ඉතින් පොඩි සටකපටකම් ටිකක් කියලා දෙනවා ඔන්ටාරිට එකෙන් බේරෙන්න.
ඒවගේම අද රේවන් පිස්සු නටනවා අර යතුර අයින් කරගන්න. හැබැයි වැඩේ කණපිට යනවා. අන්තිමේ රේවන් විතරක් නෙවේ මුළු ආකේඩියාවම ආලෝකයේ නගරයේ සැට් එකක් වෙනවා. මමනම් හිතා උන්නේ මේ සීසන් එකේ ආලෝකේ නගරේ වැඩි යමක් වෙන එකක් නැහැයි කියලා. හැබැයි අද ඒක එහෙම්පිටින්ම වෙනස් වුනා.
එහෙමනම් මේ ටික ඇති. වැඩිය කියලා කුතුහලේ නැති කරන්නත් හොද නැහැ නොවෑ. දැන් බලන පිරිස අඩුවෙලාද මන්දා ?? ආරම්භයේදී මිට වඩා සැට් ඒක උන්නා වගේ මතකයි බලන්න. ආ දෙයක් කියන්න ඕනේ අද එක්තරා සින්දුවක් මම පරිවර්තනය නොකර එහෙමම ඉංග්‍රීසියෙන්ම තිබ්බා. මම හිතනවා ඒක අවුලක් වෙන එකක් නැහැයි කියලා කස්ටියට.
3318 downloads
<<Previous Episode All Episodes Next Episode >>