Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Premam (2015) with Sinhala Subtitles |ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Premam (2015)දවසක් මම පෙම්වතියත් එක්ක ඉන්න මෙහොතක එක්තරා මිත්‍රෙයක් මගෙන් ඇසුවා “මේ ඔයාගේ මේරි ද? මලර් ද? නැත්තම් සෙලින් ද ? “ කියලා. ඒ වෙලාවේ මට පිළිතුරක් තිබුනෙ නැහැ. තවත් දවසක ෆෙස්බුක් එකේ පළ කර තිබුණා “මේරි නැත්නම් මලර් ඉන්නවා. ඒත් නැත්නම් සෙලින් ඉන්නවා “ කියලා. මේ පිළිබඳ හොයන කොට තමයි මට හමුවුණේ “ප්‍රේමය“.

ප්‍රේමම්- පෙම්වතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ අපූර්ව මලයාලම් සිනමා පටය. ප්‍රථම ප්‍රේමය නොලැබීමෙන් සියදිවි හානි කර ගන්නා අයගේ ආකල්ප වෙනස් කළ, විරහවෙන් සිටි අයට නැවුම් බලාපොරොත්තු ඇති කළ, පෙම්වතුන්ට සොඳුරු මතකයන් අවදි කළ, විවාහ ප්‍රාප්ත වූවන්ව ඈත අතීතයට රැගෙන ගිය අපූර්ව සිනමා පටය. මෙතෙක් බිහිවූ සොඳුරුතම ආදර කතාව කීවොත් වරදක් නැහැ.

මා ප්‍රේමම් (ප්‍රේමය) ගැන දැනගන්නා විටත් එය ලොව පුරා ප්‍රසිද්ධ වී හමාරයි. සම්මානයට පාත්‍ර වී හමාරයි. දමිළ භාෂාවෙන් නැවත නිර්මාණය වීමට නියමිතයි. නමුත් බයිස්කෝප් එකට ඇයි තවම ප්‍රේමය නාවේ කියලා බැලුවාම මට පුදුමත් හිතුණා. සමහරවිට මලයාලම් නිසා වෙන්න ඇති. එසැනින්ම මම තීරණය කලා බයිස්කෝප් එකේ අපේ සහෝදරත්වය සමඟත් ප්‍රේමය බෙදා ගන්න. ඔන්න යාළුවනේ ඒ අනුව මගේ උපසිරැසි ඉතිහාසයේ තවත් එක් සුපිරිම සිනමා පටයක් රැගෙන ආවා.

මේ චිත්‍රපටයේ කතාවත් අපේ කතාවත් අතර වැඩි වෙනසක් නැහැ. වෙනසක් තිබුණා නම් ඒ නම් ගම් වල පමණයි. ජෝර්ජ් ටත් අවසානයේදී විවාහයක් සිදු වුණා. ඒ මේරිද..මලර්ද..නැත්නම් සෙලින්ද කියලා චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන්. ජෝර්ජ්ගේ ජීවිතේ එක්තරා අවස්ථා තුනකදී තමයි මේ තුන් දෙනාව හමුවෙන්නේ. මේරි..පාලම උඩදි. මලර්..කොලේජ් එකෙදී. සෙලින්..අහම්බෙන්. නෑ සමහර විට දෛවය වෙන්නත් පුළුවන්. කතාව මම කියන්නෑ. කතාව ඔයාලම බලන්න. බැලුවෙ නැති අය අනිවාර්යෙන්ම බලන්න. බලපු අය, උපසිරැසි දාලා ආයේ බලන්න. ප්‍රේමය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. කතාව බලලා ගිහින් ඔබේ පෙම්වතිය ඔබට මේරිද..මලර්ද..සෙලින්ද කියලා තීරණය කරන්න. (මට නම් මේරි)

මෙහි ප්‍රධාන නළුවා නිවින් පෝලි. මේරි- අනූපමා පරමේෂ්වරම්. මලර්-සායි පල්ලවි. සෙලින්-මැඩෝනා සෙබස්තියන්. එහෙනම් යාළුවනේ, මේ සුපිරි සිනමා පටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා. (ටොරන්ට් වල සීඩ්ස් අඩුවෙන්න කලින් බාගත කරගන්න). තවත් උපසිරැසියකින් හමුවෙමු !

Premam (2015)on IMDb

 

 

1.40 GB (720p BDRip) කොපිය මෙතනින් බාගන්න

BC3808E8176438B554BDB217AC133272398F7FAB
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>