ඔන්න මගේ පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක විදිහට මට ස්කූබි ඩූ ෆිල්ම් එකක්ම තෝරාගන්න පුළුවන් වුනා. ආසා නිසා වැඩි මහන්සියක් දැනුනෙත් නෑ. 2012 release වුන මේ ෆිල්ම් එකටත් imdb අගය 6.5ක් අරන් තියනවා. ස්කූබි ඩූ ෆිල්ම් වලට සාමන්යෙන් හොඳ imdb අගයක් හම්බෙනවමනේ . මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නෑ ඕනෑම කෙනෙක් අඩුමගානේ ස්කූබි ඩූ එක ෆිල්ම් එකක් හරි බලල තියන නිසා. ඒ නිසා මන් මේකේ චරිත මුකුත් විස්තර කරන්නේ නෑ කෙලින්ම කතාවට හැරෙන්නම් .
ඔය හැමෝම දන්නවත් වගේ ස්කූබි ඩූ කණ්ඩායම හැමදාම කලේ හොල්මන් අබිරහස් විසඳන එකනේ. ඉතින් මෙයාලට විවේකයක් ඕන වෙනවා. ඒකට හැමෝමහොල්මන් වලින් අවතාර වලින් තොර නිවාඩුවකට යනවා. වෙල්මා තමයි තැනක් තෝරගන තියන්නේ. යන තැන ගැන අනිත් අය දන්නේ නෑ යනකන්. ඒ තමයි පෙටිට් ශෝව් සොරි විල් කියන නගරය. ඒ කියන්නේ පුංචි වවුල් නගරයක්.මේකේ තියනවා වැම්පයර් සල්පිලක්. එකේ වැම්පයර්ල ආශ්‍රිත දේවල් තමයි බලන්න තියන්නේ. මෙතැනදී මෙයාලට හම්බෙනවා වැම්පයර් රචකයෙක්. ඉතින් මේ කට්ටියට අමතරව වැම්පයර් රංගනයක් ඉදිරිපත් කරන නළු කණ්ඩායමකුත් එකතු වෙනවා. එයාල රංගනයේදී මන්තර වගයක් කියනවා .ඉතින් ඒවා පරණ වැම්පයර් පොත් වල තියන ඇත්ත මන්තර. ඒ අනුව දරුණු වල්ඩ්රෝනියා කියන වැම්පයර් නිදහස් වෙනවා. මෙතැනදී වැම්පයර් එයාගේ වැම්පයර් රැජින වෙන්න සුදුසු කෙනෙක් එක්ක විවාහ වෙන්න යන කතාවක් තියන්නේ. බලන්නකෝ ඒක වෙන්න යන්නේ කාත් එක්කද කියල.
ඉතින් මේ අබිරහස ස්කූබි ඩූ කණ්ඩායම විසඳන හැටි බලන්නකෝ. මේ ෆිල්ම් එක හොයල දීපු මයුරවත් මන් පොඩ්ඩක් මතක් කරන්නම් (Thanks කියන්න හිතෙන්නේ නෑ ඔයා නිසා. ඒකට sorry අහ්හ්
).සුබ දවසක් හැමෝටම!
237 downloads