Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Arrow [S05 : E13] with Sinhala Subtitles |තුවක්කුවේ බලේ.. . . [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Arrow S5-1

ගිය සතියේ කොටසත් ගොඩක් පුදුම සහගත කොටසක් වුනා.  ඒ මොකද ඉතින් ඇරෝ කතා මාලාවේ අර කලින් වුන සිද්ධි පෙන්වන මතක සටහන් වර්ථමානයේ යන කතාවත් එක්ක එකට එක මුණගැහුනානේ. ඒ නිසා තමයි ඒ කොටස බ්‍රට්වා කියන නම දාලා තිබුනේ. ඉතින් අනිවාර්යයෙන්ම ගොඩක් අය මේ කොටස ආසා වෙන්න ඇති.

මට තේරුන විදියට නම් සිසන් එකේ මෙච්චර කාලයක් පුරාවට ඩිගල්ගේ හමුදාවේ ජිවිතය ගැන කියවුන කතාව මෙතනින් නවතිවි වගේ. මොකද ඒ සම්බන්ද හැමදෙයක්ම අවසාන වුනානේ. ඒ වුනත් ඩිගල් හමුදා ජිවිතය නැත්තටම නැති කරලා දායි කියලා නම් හිතන්න බෑ. සමහර විට අනාගතයේ දි අපිට ආයෙත් ඒ ගැන බලාගන්න සමහර විට පුලුවන් වේවි. ඉතින් අන්තිමේට කොහොම හරි ඇරෝ ටිම් එකේ හැමෝම එකතු වුනා. ටීම් ඇරෝ එක විදියට නොවුනත් එයාලාට ඇරෝ ටිම් එකට පිටින් දෙයක් කරන්න හිතුනා. ඩිගල්ව හිරෙන් නිදහස් කරගද්දිත් මේ වගේ දෙයක් අපිට බලාගන්න පුලුවන් වුනානේ. ඒ වගේම වොල්කර්ව මරලා ඩිගල් කොච්චර නම් වලිකෑවද කියලා ඔයාලා දැක්කා නේද. සිරියස් ඒක පුරාවටම සංසුන් විදියට සාමකාමි විදියට හැමදෙයක් ගැනම හොයලා බලලා වැඩ කරපු ඩිගල් එකපාරටම මිනිමරුවෙන් වෙන්න හැදුවා. ඉතින් ගිය සිසන් ඒකේ ලෝරල් මැරුණට පස්සේ අපි දැකපු ඩිගල්ගේ අලුත්ම පැතිකඩ ආයෙමත් ගිය සතියේ දකින්න ලැබුනා කිවොත් ඒක හරියටම හරි. හැබැයි ඉතින් වෙනසකටත් එක්ක ඒකත් හොද දෙයක්. මොකද මේ වගේ ඩිගල්ට තරහා ගියාම ටිම් එකත් එක්ක තරහත් වෙනවනේ. ඉතින් මේ හැමදෙයක් එක්කම ඩිගල් කියන්නේ ඇරෝ කතා මාලාවේ ඉන්නම ඕනි චරිතයක් වෙනවා. ඒ නිසා තමයි ඩිගල් මෙච්චර කාලයක් මේ කතාවේ දිගටම හිටියේ වගේම ඉදිරියටත් බලාගන්න පුලුවන් වේවි.

ඒ වගේම ගිය සතියේ කොටසේ එක එක චරිත තනි තනියෙන් හම්බවුන කොටස් තිබුනා. ඔලිවරුයි ඩිනයි, ෆෙලසිටියි රෝරියි, ඩිගලුයි ඔලිවරුයි, රෙනෙයි ක්වෙන්ටනුයි වගේ චරිත දෙකක් එයාලා මුහුණ දිලා ඉන්න දේ ගැන කතා කලා. ගොඩ කාලයකට පස්සේ තමයි අපිට මේ වගේ දෙයක් දකින්න පුලුවන් වුනේ. මං හිතන්නේ ඒ වගේ අවස්ථා වලින් තමයි කලින් සතියේ කොටසේ වැදගත් දේවල් මතු කරලා පෙන්නුවේ. අපිට පේනවා ඔලිවර්ගෙයි ඩිනාගෙයි අතර සම්බන්ධය ගොඩක් දුරට එකිනෙකා තේරුම්ගත්ත දෙයක් වේගෙන එනවා කියලා. ඔලිවර් මේ සැරෙත් මොකාට එන්න හදනවාද මන්දා ඒ වගේම ෆෙලසිටියි රෝරියි අතර සමුගන්න සිද්ධිය නම් කාටත් දුක හිතෙන තැනක් වෙන්න ඇති. මොකද අපිට ඉස්සරහට සමහර විට රෝරිව හම්බවෙන්නේ නැතිවෙන්න පුලුවන්. ඔයාලට මතක නම් කලින් සිසන් වලදි ඔලිවරුයි ඩිගලුයි දේවල් කරන්නේ කොහොමද කියලා තර්ක කරගත්තා. හැබැයි මෙදා සැරේ නම් ඒකෙදි ඩිගල් ගොඩක් කලබලකාරයෙක් විදියටයි හැසිරුනේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට රෙනෙයි ක්වෙන්ටනුයි අතරේ අපි නොහිතපු විදියේ බැදිමක් අපිට බලාගන්න පුලුවන් වුනා. අපිට අනාගතය ගැන ගොඩක් හොද බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මොකද මේ දෙන්නාගේ එකතුව ගොඩක් පුදුමාකාර එකක් වෙන්න ඉඩකඩ ගොඩක් තියෙන නිසා.

සමස්ථයක් විදියට ගත්තම තවත් ඒක කොටසක් ඒ විදියට ඉවර වුනා. ක්‍රියාදාම පිරුනු කුතුහලය පිරුනු කොටසක් වුනා. ඉතින් සිසන් එකේ දෙවැනි කොටස පටන්ගෙන ඉන්න මේ කාලයේ මොන වගේ දේවල් ඉස්සරහට අපිට දකින්න ලැබෙයිද කියලා ගොඩක් කුතුහලයෙන් තමයි අපි හැමෝම ඉන්නේ. ඉතින් මේ සතියේ මොන වගේ දෙයක් බලාගන්න පුලුවන් වෙයිද කියලා අපි බලමු… . . ^_^

 

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E13.HDTV.x264-LOL
Arrow.S05E13.HDTV.XviD-FUM
Arrow.S05E13.HDTV.XviD-AFG
Arrow.S05E13.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E13.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E13.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>