ඔන්න එහෙනම් වෝකින් ඩෙඩ් දහවෙනි කොටහ අරගෙන ආවා! එහෙනම් ඉක්මනට දෙන්න ඕන නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ගියවර කොටසේදී රික් ඇතුලු කට්ටියට එසිකියෙල්ව මුනගැහුනා. හැබැයි රික්ගේ යෝජනාවටනම් එසිකියෙල් එකඟවුනේ නෑ. කොහොමවුනත් ඩැරල්ව ආරක්ෂාවට රාජධානියේ තියලා කට්ටිය පිටත්වෙනවා. ඒවගේම ගියවර කොටස ආරම්භයේම දැක්කා ගේබ්‍රියෙල් ගබඩාවේ බඩුත් අරගෙන කොහෙද යනවා. ඉතින් මේ ගැන හොයලා බලද්දී රික්ට ගේබ්‍රියෙල් ලියපු දෙයක් හම්බවෙනවා. ඒකේ තිබුනේ BOAT(බෝට්ටුව)කියලා. මතකද කලින් රිකුයි ඇරොනුයි බෝට්ටුවක් ඇතුලේ තිබිලා බඩු වගයක් හොයාගන්නවා?. ඉතින් මේකෙන් රික්ට තේරෙනවා ගේබ්‍රියෙල් පණිවිඩයක් තියලා ගිහින් කියලා. ඉතින් ඊට පස්සේ බෝට්ටුව තියෙන තැනටත්, එතනින් තව ඈතටත් රික් ඇතුළු කට්ටිය යනවා. මෙතනදී තමා කට්ටියට අලුත් පිරිසක් මුන ගැහෙන්නේ. හැබැයි රික්ගේ මූනටනම් එකපාරටම හිනාවක් තමයි ආවේ.
මෙවර කොටසින්, කවුද මේ කට්ටිය? රික් ඇතුළු කණ්ඩායමට මොකද වෙන්නේ? කියන ඒවා දැනගන්ට පුළුවන්. ආ..ඔන්න රික්ට මේ වතාවේ ආයුධ සන්නද්ධ සොම්බියෙක් එක්කත් හැප්පෙන්න වෙනවා.:(). කට්ටියගෙන් එහෙනම් කලින් කොටසට දුන්නා වගේම කමෙන්ට් ටිකක් බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
238 downloads
<<Previous Episodes All Episodes Next Episodes >>