ඔන්න අපි The CW නාලිකාවේ විකාශය වුන ලස්සන ටීවී සීරීස් එකක් අරගෙන ආවා. මේක ගැන කියනවානම් 2011 තමයි මේ සීරීස් එක The CW නාලිකාවේ විකාශනය ආරම්භ වෙලා තියෙන්නේ. මේකට හොලිවුඩයේ ජනප්‍රය නළු නිලියෝ රැසක්ම රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ අතරින් Phoebe Tonkin (The Originel මම ආසම කැරට් එක) Bitt Robertson(මෙයා under the dome එකේ හිටියා), Helley Henning,Tomas Dekker විශේෂයි. මේක කොච්චර ජනප්‍රියයිද කියනවනම් මේකට ලැබිලා තියන iMDb 7.4ක්. හරියට The Vampire Diaries,teen Wolf ටීවි සීරීස් වගේ ස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලොන්ගේ කතාවක් තමයි මේකේ යන්නෙ. ඒත් මේක මායවටත් සම්බන්යිධ විශේෂම දේ තමයි මේකේ තියෙන්නේ එක සීසන් එකයි. කොටස් 22ක් තියනවා ඒ ටිකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්
කැසි කියන්නේ වයස අවුරැදු 16ක තරුණ ගැහැනු ළමයෙක්. එයාගේ තාත්තා මැරිලා අම්මත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒත් හිටි හැටියෙම එයාගේ අම්මත් මැරෙනවා. ඊට පස්සෙ කැසී එයාගේ අත්තම්මා ලගට යනවා. කැසීගේ අත්තම්මා ජීවත්වෙන නගරය ටිකක් අමුතු තැනක්. කැසී එහෙට ගිය දවසේ ඉදන්ම එයාට අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ද වෙනවා. ස්කෝලෙදි එයාට හම්බ වෙනවා ඩයනා කියලා ගැහැනු ලමයෙක් මේ දෙන්න යාළුවෝ වෙනවා. ඊට පස්සේ ඩයනා කැසීව පාළු ගෙදරකට එක්කන් යනවා. එතනදි කැසීට ස්කෝලෙ තවත් යාළුවෝ හතරදෙනෙක් ඉන්නවා. ඩයනා තේරැම් කරනවා කැසීට එයාලා මායාකාරයින්ගේ පරපුරකින් පැවතගෙන එන අය බවත්එ, එයාලා හැම කෙනෙකුටම අසීමිත බලයක් උපතින්ම උරැම වෙලා තියන බවත්. ඒත් එයාලා පාලනය කරන්න බැහැ. ඒක නිසා මේ පවුල් හයේ හයදෙනා එකතු වෙලා මායා කවයක් නිර්මානය කරන්න ඔනි එතකොට තමයි ඒ මායාවන් පාලනය කරන්න පුළුවන්. ඒත් කැසි මේක අහලා ගොඩක් බය වෙනවා. එයා එතනින් පැනලා යනවා…
කැසී මේක තේරැම් ගනීයිද. එයාලා මායා කවය නිර්ණමාය කරයිද. කැසීගේ අම්මව මැරුවේ ඇයි. කට්ටිය මේ කවය හදන්න මේච්චර බයවෙන්නේ මොකකටද. කාටද මේ ලමයි එකතු කරලා කවය හදන්න ඔනි කරන්නේ..
මේ දෙවල් වලට උත්තර හොයන්නම් මේ කතාව බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
266 downloads