1954 වසරේ තිරගත වන හිච්කොක් මහතාගේ තවත් සිනමා නිර්මාණයක්. ඔහුගේ බොහෝ නිර්මාණ මෙන්ම මෙයත් රහස් පරීක්ෂක කතාවක්. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා ඔබට සිහි කරවන මෙම සිනමා සිත්තම කුතුහලය සිත තුල පුරවාගෙන නැරඹිය හැකි බව මගේ විශ්වාසයයි.
රහස් පරීක්ෂක කතා රචක මාර්ක් හැලිඩේ සමග තම බිරිඳ පෙම් සබඳතාවයක් පවත්වන බව දැනගන්නා, හිටපු ටෙනිස් ක්‍රීඩයෙක් වන ඇගේ සැමියා ඇයව මරා දැමීමට සැලසුම් කරයි. දිගු කාලයක සිට මෙය සැලසුම් කරන මොහු මේ සඳහා තම පාසල් කාලයේ මිතුරෙකුව තෝරාගනී. ඒ හමුදා සේවයෙන් නෙරපා හරින ලද, නීති විරෝධී ක්‍රියා කිහිපයකට සම්බන්ධ ස්වාන් නැමැත්තායි.
සැලසුම ඉතා සරල වන එකකි. ටෝනි, එනම් සැමියා විසින් ස්වාන්හ් අට නිවසේ යතුර තිබෙන තැන සිට තම බිරිඳගේ හැසිරීම දක්වා සියල්ල ඔහුට පවසා මාර්ක්, එනම් බිරිඳගේ පෙම්වතා සමග රාත්‍රී සාදයකට පිටත් වේ. මෙම සාදය පවා ඔහුගේ සැලසුමේ කොටසකි. නමුත් සිදුවන්නේ අනෙකකි. එනම් මර්ගෝ අතින් ස්වාන් හට මිය යාමට සිදුවීමයි. මෙයින් සැලසුම බිඳවැටුනත් ස්වාන්ව මරා දැමීම නිසා මාර්ගෝ හට මරණ දඩුවම හිමිවේ. නමුත් අවසාන මොහොතේ අනපේක්ෂිතව පොලිසියට ලැබෙන සාක්ෂියක් ඔස්සේ ලුහුබැඳ ගොස් අපරාධයට වගකිවයුතු නියම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වේ.
පිටපත yify torrent අඩවියෙන් ලබා ගත හැකි අතර උපසිරැසිය එම පිටපතට අදාල වේ. තවත් හිච්කොක් සිනමා පටයකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Dial M For Murder.720p.BluRay.x264.YIFY.srt
Dial M For Murder.1080p.BluRay.x264.YIFY.srt
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
103 downloads