ඇරෝ කතාවේ කලින් කොටස් එක්ක බලද්දි ගිය සතියේ කොටස ගොඩක් දුරට වෙනස් කොටසක් වුනා. ඔලිවර් මුලින්ම දේශපාලනයට එකතු වෙලා නගරාධිපති වුනාම ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි එයා කොහොම නගරාධිපති විදියට වැඩ කරයිද කියන එක. ගිය සතිය වෙනකන් අපි හැමෝම දැක්කා එයා නගරාධිපති විදියට වැඩ අනාගත්ත විදියට. හැබැයි ඉතින් ඒක ගිය සතියේ කොටස වෙනකන් විතරයි.
ඉතින් මේ වෙනස නිසා ගොඩක් අය ගිය සතියේ ඇරෝ කතාවක් වෙනුවට නගරාධිපති ක්වින් පාදක කරගෙන කරපු කොටසක් වුන එකට කැමති වෙලා තිබුනා. ඇරෝ චරිතයේ දේවල් ටිකක් කලා වුනාට, ඔලිවර් එයාගේ නගරාධිපති කියන චරිතයට පණ පොවන්න පටන් ගත්ත එක නම් ගොඩක් ආසා හිතෙන දෙයක්. හැබැයි ඉතින් ඒක ඔලිවර්ට ලේසි වැඩක් වුනේ නෑ. ඒ වුනත් එයා ස්ටාර් සිටි එකේ ප්‍රශ්න දේශපාලනික කෝණයකින් බලපු එකත් එක විදියකට හොද දෙයක්. ඉතින් මේ වෙනස නිසාම අනාගතයේදි මේ වගේ කතා ගොඩක් බලන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. මොකද ප්‍රශ්නයක් ආපු ගමන් කෙනෙක්ට ඊතලයක් විදලා ඒ ප්‍රශ්නය විසදනවාට වඩා ඒ ප්‍රශ්නය වෙන කෝණයකින් බලලා විසදන එක මේ කතාවට නම් අමුතුම දෙයක්නේ.
කොහොම වුනත් ගිය සතියේ කොටස ගොඩක් දේශපාලනය පැත්තට බරවුනාදෝත් කියලත් සමහරක් වෙලාවට හිතෙනවා. මොකද ගොඩක් ටිවි සිරියස්වල මේ දේශපාලයට පැත්තට ගොඩක් බර වෙලා කතාව කට්ටියට එපා වෙන මට්ටමකට එනවනේ. හැබැයි ඉතින් ඇරෝ කතාවේ විදියට මේ කොටස තමයි දේශපාලනය ගාවගන්න තිබුන හොදම කොටස. වෙන තැනකදි දේශපාලනය සම්බන්ද වුනොත් ඒකෙන් කතාවට හානියක් වෙන්නත් පුලුවන්නේ.
මේ කොටසේ හිත ඇදි ගියපු අනිත් දේ තමයි රෙනේගෙ අතීත කතාව. මේ සිසන් එකේ මුල ඉදන්ම ගොඩක් අය මේ රෙනේ චරිතයට ගොඩක් ආසා කලා මොකද ඒ චරිතයේ තිබුන මුරණ්ඩුකම වගේම ගුප්ත ගතිය නිසා. හැබැයි ඉතින් ගිය සතියේ ගොඩක් ලොකු විස්තරයක් අපිට එයා ගැන දැනගන්න පුලුවන් වුනා. ඉතින් ඒ නිසාම අපිට ඒ චරිතය ගැන ගොඩක් ලොකු අවබෝධයක් ලැබුනා වගේම ඒ චරිතය තවත් ආසා කරන චරිතයක් වුනා. හැබැයි ඉතින් ඒ කතාවේ පොඩි ප්‍රශ්නයක් තිබුනෙ නැත්තෙමත් නෑ. අපි දැක්කානේ රෙනේට කලින් දුවක් හිටියා කියලා. හැබැයි ඉතින් රෙනේගෙ වයසත් එක්ක බලද්දි එයාට ඒ තරම් වයස දුවෙක් ඉන්න විදියක් නෑ කියලත් සමහරක් අයට හිතෙන්න පුලුවන්. අපි කලින් රෙනේට දුවක් ඉන්නවා කියලා දැනගෙන හිටියා තමයි. හැබැයි ඉතින් එයා මේ තරම් වයසයි කියලා කවුරවත්ම හිතන්න නැතිව ඇති. මොකද රෙනේ දැක්කම හිතෙන්නේ එයාගේ දුව ගොඩක් පොඩි එක්කෙනෙක් කියලානේ.
කොහොම වුනත් සමස්ථයක් විදියට තවත් හොද කොටසක් කියලා ගන්න පුලුවන්. මේ කොටසේදි ඇරෝ කතාවේ චරිත ගොඩනගන එක කලා කිවොත් ඒක ගොඩක් දුරට හරි. ඉතින් මේ හැමදේමත් එක්ක ප්‍රධාන කතාව කොයි විදියට ගලාගෙන යාවිද කියලා අපි බලමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E14.HDTV.x264-LOL
Arrow.S05E14.HDTV.XviD-FUM
Arrow.S05E14.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E14.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E14.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
Arrow S05E14 720p HDTV HEVC x265 Crazy4ad
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1195 downloads
<< Previous Episode All Episodes Next Episode >>