2012 වසරේ තිරගත වෙච්ච Kahaani චිත්‍රපටිය කාටත් අමතක නැතුව ඇති මං හිතන්නේ. අමතක කරන්න ඕන වුනත් අමතක කරන්න බැරි හින්දි චිත්‍රපටියක් තමා Kahaani කියන්නේ. හොඳ හින්දි චිත්‍රපටි රසිකයෙක් නම් තමන්ගේ All Time Favourite ලැයිස්තුවේ උඩින්ම Kahaani චිත්‍රපටියත් තියෙන බවට සැකයක් නැහැ. නොදන්නා අය ඉන්නවා නම් දැනගන්න කියන්නේ, Kahaani කියන්නේ පලවෙනි සැරේට බලන කෙනෙක්ට නම් ලොවෙත් අවසානය ගැන හිතාගන්න බැරි කරකවලා අතාරින ජාතියේ සුපිරිම සුපිරි චිත්‍රපටියක්. ඒත් එකම විද්‍යා බාලන්ගේ අද්විතීය රංගනයන් ඒකට එකතු උනාම. තවමත් බලලා නැත්තම් ඔහොමම ගිහින් ඒක බලන්න කියලා ඉල්ලා හිටිනවා. දැන් 2016ට එමු. ඔන්න හිටි හැටියේම ප්‍රේක්ෂක හැමෝටම ලොකු බලාපොරොත්තුවක් එක්කහු කරමින් Kahaani චිත්‍රපටියේ දෙවන අදියර එනවා. මේකෙත් ප්‍රධාන චරිතය විද්‍යා බාලන්ම තමා රඟ දක්වන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ දෙවැනි අදියර, පලවෙනි අදියර එක්ක කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඒ හින්දා පළවෙනි එක නොබැලුවා කියලා මේක නොබලා ඉන්න එපා. හැබැයි පලවෙනි එක නම් අත ඇරගන්න හිතන්නවත් එපා පුතේ. මගේ පෞද්ගලික අදහසකුත් එකතු කරන්නම්. මට හිතෙන විදිහට මේ දෙවැනි කතාවට පලවෙනි කතාව එක්ක හැරෙන්නවත් බැහැ. නමුත් මේක හරිම කුතුහලයෙන් රස කර කර, නියපොතු හප හප බලන්න පුළුවන් නිර්මාණයක්. බලන ගමන් පළවෙනි චිත්‍රපටිය එක්ක සංසන්දනය නොකර ඉන්නවා නම් කාටත් හොඳයි.ඉතින් පලවෙනි කොටස වගේම මේ කොටසත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sujoy Ghosh මහත්තයා විසින්. ගිය අවුරුද්දේ ආපු Te3n චිත්‍රපටියට නිෂ්පාදන දායකත්වය දුන්නෙත් මෙයාම තමා. Kahaani 2 චිත්‍රපටියට IMDb දර්ශකය 6.8ක අගයක් ප්‍රදානය කරලා තියෙනවා. ඉතින් නරකම නෑනේ. විද්‍යා බාලන්ට අමතරව මේ සැරේ අර්ජුන් රාම්පාලුත් මේ දෙවැනි කතන්දරේ එක්ක එකතු වෙනවා. ආදායම් අතින් නම් මේ නිර්මාණය අසාර්ථක උනා. නමුත් ප්‍රේක්ෂක, විචාරක ප්‍රසාදයෙන් නම් අඩුවක් වුනේ නැහැ. විද්‍යා පසුගිය ෆිල්ම්ෆෙයා සම්මාන උළලේ හොඳම නිලියට පවා නිර්දේශ උනා Kahaani 2 වෙනුවෙන්. කතාවෙන් ටිකක් කිව්වේ නැත්තම් අඩුවක්. ඒත් කියලත් බැහැ. චුට්ටක් කොටලා තියාගෙනම යන්නම් එහෙනම්. හැමෝටම විවෘත ආරාධනාවක් කරනවා චිත්‍රපටිය රස විඳින්න කියලා.
විද්‍යා සිංහා තමන්ගේ දුවත් එක්ක තනියෙන් ජීවත් වෙන අම්මා කෙනෙක්. එයාට මුළු ලෝකෙම උනේ එයාගේ දුව “මිනී”. මේ දුව විශේෂයි. මොකද එයාගේ ඉණෙන් පහළ පණ නැහැ. විද්‍යා එයාගේ දුවව හොඳ කරන්න නොගන්න උත්සහයක් නැහැ. ඒත් හැමදේම අසාර්ථක වුණා. විද්‍යා වෙලාවකට පොඩ්ඩක් ගුප්තයි වගේ. සැකෙන් තමා ජීවත් වෙන්නේ. අපි නොදන්නා මොකක්දෝ රහසක් විද්‍යාගේ හිතේ හොල්මන් කරනවා. එදා සතියේ දවසක්. කරුමෙටදෝ කොහේදෝ විද්‍යා ඇහැරුනේ පරක්කු වෙලා. වැඩට යන්න නෙමේ දැන් ඉගිල්ලෙන්නයි වෙන්නේ. විද්‍යා ලහි ලහියේ ලෑස්ති වෙන්න ගත්තා. කියන්න අමතක උනා, මෙයා කවදාවත් එයාගේ දුවව තනියෙන් දාලා යන්නේ නැහැ. දවල් වරුවට නර්ස් කෙනෙක් එනවා. හැබැයි එදා ඒ නර්ස් ඇවිල්ලත් හිටියේ නැහැ. විද්‍යා පලවෙනි වතාවට මිනීව තනියෙන් ගෙදර දාලා වැඩට යන්න යනවා. ඒ යන්නෙත් මිනී එයාට පෙරැත්ත කරපු හින්දා. හැබැයි එදා සිද්ධ වෙන්න යන දේ විද්‍යා දැනගෙන හිටියා නම් කවදාවත් එහෙම නොකරන්න තිබුණා. වැඩ ඇරිලා ආපු විද්‍යා දැක්කේ මොනාද, උනේ මොනාද?? බලන අයට දැනගන්න අවසරයි.
Due to copyright issues, we do not provide any torrent links.
Kahaani 2 (2016) Hindi 1CD DVDRip x264 AAC ESubs – Downloadhub
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
943 downloads