පියුමාල් දිසානායක සොයුරා විසින් එවන ලද ලිපිය.
හිතන්න ඔයාල ඇන්ටාර්ටික් වල කන්න කිසි දෙයක් නැතුව යාළුවො සෙට් එකක් එක්ක තනිවෙනව කියල,ඔයාල මොකද කරන්නේ ආ? පිස්සු හැදෙයි නෙහ්. ඔන්න ඔය වැඩේ වෙනවා හරි අපූරු සෙට් එකකට. ඉතින් මේ කතාව ගෙතෙන්නෙ ඒ සෙට් එක ගැනයි, එයාල කවුද? මොකද වෙන්නේ? කියලා දැනගන්නම ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
කලින් අපේ සහෝදරෙයෙක් මේ ගැන ලිපියක් ලියල තිබුනා.ඔයාලට ඒකත් කියවන්න පුළුවන් වෙයි. මේ ෆිල්ම් එකත් මම කලින් කරපු දෙක වගේම ටිකක් පරණයි, හැබැයි ඉතින් මැරෙන්න කලින් අනිවාර්යෙන් බලන්න ඕනේ ෆිල්ම් එකක්,අහල ඇතිනේ old is gold කියල. මේක ඇත්තටම සත්‍ය කතාවක් ආශ්‍රය කරගෙන හදපු ෆිල්ම් එකක්. 1983 දි තමා ඒ සත්‍ය කතාව ෆිල්ම් එකක් විදිහට එලි දකින්නේ. ඒ antartica(Nankyoku Monogatari) නමින්. ඒ කතාව මෙහෙමයි. 1958 ගවේෂක කණ්ඩායමක් විසින් ශකාලින් හස්කි වර්ගයේ සුනඛයින් පහළොවක් ඇන්ටාටිකාවේ දාල එනවා. මේ කණ්ඩායම ආපහු යන්නේ අවුරුද්දකට පස්සේ, ඒ යනකොටත් සුනඛයෝ දෙන්නෙක් ජිවතුන් අතර හිටියලු.
අපි හැමෝම ආදරේ කරන paul walker තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ. ඊට අමතරව අපි falling skies එකේ දැකපු moon bloodgood මේකට රංගනයෙන් දායක වෙනවා. විශේෂම දේ තමයි එයාලගේ රංගනය අභිබවා අපේ ඇස් වලට කදුළු එන තරමට දක්ෂ විදිහට වෙන යාළුවො අට දෙනෙක් මේකේ රගපානවා. ඇත්තටම ගොඩක් හැගීම්බර කතාවක්මේ. ක බලල ඇඩුවේ නැත්තන් වහාම ඇස් පරික්ෂා කරවාගන්න. ඩිස්නි සමාගම තමයි මේක නිෂ්පාදනය කරන්නේ. අධ්‍යක්‍ෂණය the BFG, the sixth sense, jason bourne වගේ ෆිල්ම් කරපු Frank Marshall විසින්. තිර පිටපත David Digilio තමා ලියල තියෙන්නේ. imdb 7.3ක අගයක් තියෙන මේ ෆිල්ම් එක එක දිගට ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක බලල ඔයාලගේ අදහස්කියන්න.
සුභාෂ් ගුණවර්ධන සොහොයුරා පල කර තිබූ ලිපිය.
බල්ලා මිනිසාගේ ඈත අතීතීතයේ සිට පැවතෙන මිතුරෙකැයි කියනු ලැබේ. . .එම මිතුරුදම වෙනුවෙන් මිනිසා විසින් බල්ලාට කොපමන දුරකට කෘතගුන සලකා තිබේද???
වෝල්ට් ඩිස්නි සමාගම බෙදාහරින ලද ඇඩ්වෙන්චර් ගනයේ උනත් බොහෝම සංවේතී කතාවක් අඩංගු චිත්‍රපටයක් ගැනයි මම අද කියන්න හදන්නෙ. . . . !
ඇන්ටාක්ටිකාවේ පර්යේෂන මූලස්තානයක මගපෙන්වන්නෙකු ලෙස සේවය කරන තරුනයෙකුට කාලානුරූපිකව අපහසු රාජකාරියක් පැවරෙනවා. මහාචාර්යවරයෙකු සමග ඈත හිමේට ගොස් බුද ග්‍රහයාගෙන් බිදීවිත් හිමේ පතිතවී ඇතැයි විශ්වාස කරන විශේෂ පාෂානික ග්‍රහ වස්තුවක කොටසක් රැගෙන ඒම තමයි ඒ රාජකාරිය.
ඔහු එය භාරගනු ලබන්නෙත් ඔහුගේ ආයතනයේ අය අයහපත් කාලගුණයක් ගැන අණතුරු ඇගවීම නොසලකා හරිමින්. ඔහුගේ විශේෂන දැනීමට අනුව බල්ලන් විසින් ඇදගෙන යනු ලබන හිම යානයක ගමන සුදුසු යයි තීරය කල පසු එම යානා වෙනුවෙන් විශේෂයෙන් පුහුනු කරන ලද සුනඛයන් රෑනකුත් සමග ඔවුන් පිටත් වෙනවා. . . .
තව දුරටත් විස්තර කරන්න ගියොත් චිත්‍රපටය බලන්න ඉන්න ඔයාලට කරන අසාධාරනයක් වෙනවා. . ඒක නිසා ඉතුරු ටික චිත්‍රපටය බාගෙන බලලම ඉන්නකෝ.
මෙය මුල ඉදන් අගටම ඇගේ මයිල් කෙලින් වෙන ත්‍රාසය කුතුහලය දනවන සහ බාල්දියක් පිරෙනකම් කදුලු හලන්න පුලුවන් වර්ගයේ ඉතාම ලස්සන ෆිල්ම් එකක්. හැමෝම බලල කොහොමද කියල කියන්න්කෝ. . . .!
Due to copyright issues, we do not provide any torrent links.
Eight Below (2006) 720p BrRip x264 – 750MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
151 downloads