Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Batman Forever (1995) with Sinhala Subtitles |සදහටම වවුල් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Batman Forever (1995)ආයුබෝවන් ඔයාල හැමෝටම! ඔන්න මම අයෙත් ආව මගේ ජිවිතේ දෙවැනි සබ අරගෙන. ඇත්තම කිව්වොත් මම මුලින්ම නමෝ විත්තියෙන් ආරම්භ කරපු සබ තමා මේක. නමුත් සමන් සහෝ yes man(2008) දුන්න නිසා මුලින්ම එක ඉවරකලා. දිගු නිහැඩියාවකට පස්සේ තමා ඉතින් මම මේක ඉදිරිපත් කරන්නේ. කලින් සබ බලලා මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් පින්. මේ සබෙත් ගොඩක් වැරදි ඇති සමහර විට. මොකද මේකේ පාවිච්චි වෙලා තියෙන ඉංග්‍රීසි ගොඩාක්ම ඉහල මට්ටමේ ඒවා. ගුණදොස් තිබුනොත් කමෙන්ටුවක් දාලා මාව නිවැරදි කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා ඔන්න.පොඩි කාලේ ඉදන්ම Batman මගේ ලෝකේ වීරයෙක් වෙලා හිටිය නිසා මේ සලේරුව ගැන ගොඩක් ආදරයෙන් තමා වැඩේට ඇත ගැහුවේ.
අද ගෙනාපු කතාවේ නම Batman Forever. මේකට පාදක වෙලා තියෙන්නේ DC comicsලගේ  චරිතයක් වුන Batman ම තමා. DC comics ලා ගැන නම් අහලා ඇතිනේ සහොලා. මේ දවස්වල විකාශය වෙන Arrow, Flash, Supergirl, DC’s Legends of Tomorrow වගේ කතන්දරත් එයාලම තමා කරන්නේ. මුලින්ම චිත්රකතාවක් විදියට batman ව මෙයාල ඉදිරිපත් කළා.මූලික Batman චිත්‍රපටි මාලාවේ තුන්වෙනි සලේරුව විදියට තමා මේ චිත්‍රපටිය එළිදකින්නේ. ඒ 1995 අවුරුද්දේදී. Joel Schumacher මාමා තමා අධ්‍යක්ෂක තුමා. Tim Burton තමා නිෂ්පාදක. මේ කතාවේ විශේෂයක් තියෙනවා. කලින් කතාවල වීර Batmanගේ චරිතය කරපු  Michael Keaton අයියා වෙනුවට මේකෙදි  Val Kilmer අයියා Batman චරිතයට පන පොවන එක.Batman කියන්නේ ඉතින් ද්විත්ව චරිතයක්නේ.දවල් දවසට එයා  කෝටිපති ව්‍යාපාරික Bruce Wayne. රට ඉතින් දුෂ්ටයෝ අල්ලන Batman. මේ චරිත දෙකටම පන පොවන්නේ ඉතින් Val Kilmer අයියා තමා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. Tom Cruise අයියගේ කලින් බිරිද, සුරූපී Nicole Kidman අක්කත් මේ සලේරුවේ ඉන්නවා
අපි කතාව පැත්තට හැරෙමුකො. මේ කතාව දිවෙන්නේ කොහොමද Batman මුහුණු දෙකේ දුෂ්ටයා සහ තුන් තේරවිලි කාරයාව නවත්තන්නේ කියලයි. මේකෙදි Batman ට අලුත් සහයකයෙකුත් එකතු වෙනවා. එය නමින් Robin. ඔව් ඔව් අර කොලපාට ඇදුම අදින කෙනා තමා. තුන් තෙර්විලිකාරයා කියන්නේ කලින් Bruce Wayne ගෙ Wayne Enterprise එකේ කලින් වැඩ කරපු සේවකයෙක්. එය අලුත්ම ගැජමැටික් එකක් හොයාගෙන දුෂ්ටයෙක් වෙනවා. මුහුණු දෙකේ දුෂ්ටයානම් කව්ද කියලා කියන්න ඕන නැනේ. Harvi Dent කිව්වාම කට්ටයට මතක ඇතිනේ. කලින් සලේරු බලලා නැත්නම් නම් ඉතින් දැනගන්න විදියක් නැ ඉතින්. තුන් තේරවිලි කාරය හොයා ගත්ත ගැජමැටික් එක මොකක්ද? එකෙන් මොකක්ද කරන්න පුළුවන්? Batman ගෙ සහයකයා කව්ද? කොහොමද එයා Batman එකක එකතු වෙන්නේ? Batman කොහොමද තමාගේ සහයකයත් එක්ක මේ දුෂ්ටයෝ දෙන්නට විරුද්ධව සටන් කරන්නේ? මේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා මේ සලේරුව බැලුවොත් ඉතින්. එහෙනම් ගිහින් එන්නම්. කොමේන්ටුවකින් ගුණදොස් කියන්න අමතක කරන්න එපා. තවත් සබකින් හමුවෙමු.

තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා!

NEW

 

Batman Forever (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Batman.Forever.1995.720p.BRrip.x264.YIFY
Batman.Forever.1995.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත දීගොඩ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>