හරි යාළුවනේ, ඔන්න එහෙනම් මම අළුත්ම චිත්‍රපටයක් අරං ආවා. උපසිරස කරද්දී තිබුණ ආසාවක් තමයි හින්දි එකක් කරන එක. ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා.
මේ අරගෙන එන්නේ ගිය මාසේ 11වෙනිදා නිකුත් වුණු The Silent Heroes (2015) චිත්‍රපටයයි. Adventure, Drama, Family යන වර්ගවලට අයත් වෙන ඉන්දියාවේ නිකුත් වුණු මේ චිත්‍රපටය මිනිත්තු 115ක් පුරා ධාවනය වෙනවා. අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය Mahesh Bhatt විසින් සිදු කර ඇති අතර Maanuv Bharadwaj (කපිල් මල්හෝත්රා), Priyanka Panchal (ගෞරි සිං), Mann Bagga (දීපන්කර් ලෙස), Simran Deep (හිමා ලෙස) සහ Tarun Bhargawa (ටරුන් ලෙස) රංගනයෙන් දායක වෙලා තියෙනවා. ගොඩක් අයව දැකලා පුරුදුනම් නැතිව ඇති. හැබැයි සත්‍ය කතාවකින් උපුගෙන තියෙන මේ චිත්‍රපටය බැලුවොත් ඔබේ ඇස්වලට කඳුළක් එක් කරන බව නොඅනුමානයි.
කතාව පැත්තට හැරුණනම්, කපිල් කියන්නේ සෝදිසි හා මුදවාගැනීම් පුහුණු කරන්නෙක් සහ කඳු නඟින්නන් පුහුණු කරන්නෙක්. ක්ෂිතිජ් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඔහු බිහිරි පාසල් ගුරුවරයෙක්. ඔහුට හීනයක් තියෙනවා ඔහු වගේම, බිහිරි ළමුන්ව කඳු නඟින්නන් කරන්න, මිනිස්සු බිහිරි ළමුන් දිහා බලන්නේ අනුකම්පාවෙන්නෙ! හැබැයි ක්ෂිතිජ්ට ඕණෙ වුණේ මිනිස්සුන්ගේ ඒ හැඟීම වෙනස් කරන්න, ඔවුන්ව ආබාධිතයන් ලෙස නෙමෙයි නමුත් විවිධ දේට දක්ෂ අය ලෙස, සතුටින් ගරුත්වයෙන් ඔවුන් දෙස මිනිසුන්ට පෙන්වීම ඔහුට හීනයක් වුණා. නමුත් සිදු වෙන්නේ නොසිතූ දෙයක්… ක්ෂිත්ජ් අතුරුදන් වෙනවා. සෝදිසි හා මුදවාගැනීම් කණ්ඩායමට ඔහුව හොයාගන්න හැකි වෙන්නේ නැහැ. කොහොමනමුත් ක්ෂිත්ජ්ගේ ඒ හීනය ඉටු කරන්න ක්ෂිත්ජ් සමඟ විවාහ ගිවිසගෙන සිටි ගෞරි උත්සහ කරන්න පටන්ගන්නවා, ඒ ක්ෂිතිජ් අතුරුදන් වීමෙන් පසු ඔවුන් සෝදිසි කිරීමෙදි හමු වෙන දීපන්කර් සමඟ. ඒ වන විට වෙනත් පාඨමාලාවක් ලෙස කඳු නැඟීම උගන්වමින් සිටි කපිල්ට ගෞරි පසු කලක ආරධනා කරනවා ක්ෂිත්ජ්ගේ හීනය සම්පූර්ණ කිරීමට එකතු වන ලෙස, ඒ පාඨමාලාවක් තුළින් බිහිරි ළමුන්ට කඳු නැඟීමට ඉගැන්වීහ තුළින්. ඉතින් කපිල් ඔවුන් සමඟ එක් වෙයිද? ක්ෂිත්ජ්ට තිබුණු හීනය සාර්ථක වෙයිද? බිහිරි ළමුන්ට එවැනි දෙයක් සාර්ථකව කරන්න පුළුවන්ද? ඒ ප්‍රශ්ණවලට උත්තර සහ කතාව ගලාගෙන යන විදිහ දැනගන්න මේ සිනමාපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ලස්සන ගීත ටිකකුත් තියෙනවා කියලා අමතක කරන්නත් එපා.
එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා. තවත් උපසිරසකින් හමුවෙමු. ජය…
1373 downloads