ඔන්න මම පස්වෙනි කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.
කැති තමන්ගේ ගෙදර බෝම්බයක් පුපුරවා ගත්තා. එයා ඒක කලේ විල්ගේ ලොක්ක ව අදුනගන්න. ඒ වගේම විල් ගේ බොස් උනත් අදුනගත්තා කැති කියන්නේ කවුද කියලා,. ඒත් ඉතින් කැරැල්ලේ කස්ටිය සැලසුම් කරල ෆිලිස් ව මරල දැම්මා. ඒ වගේම එයාගේ ස්වාමියාවත්… ඒ වගේම බෝම්බයේ අතුරු ප්‍රතිපලයක් විදියට විල් තමාගේ පුතා ලවා රේඩියෝ පණිවිඩය යවන පුද්ගලයා එහෙම නැත්නම් ජෙරෝනිමෝ කියන කෙනා අල්ලගන්නවා. හැබැයි විල් දැනගන්නවා ඒ ජෙරෝනිමෝ නෙමෙයි කියලා.. මේ ටික තමයි කලින් කොටසේ උනේ.
එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.
විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා එයාලගේ තොරතුරු වලා කාන්දුවීමක් තියෙනවා කියලා. ඉතින් එකට කස්ටිය මොකද කරන්නේ? ඒ වගේම ෆිලස් වෙනුවට අලුතින් පත්වෙන ලොක්කා කවුද? අහ තව මේ ජෙරෝනිමෝ පෝස්ටර් හදන දෙන්නෙක් අද අහුවෙනවා. එයාල කියන විදියට ජෙරෝනිමෝ කවුද? ඒ වගේම තමයි ස්නයිඩර් අද කපටි නුල් සුත්තර වැඩක් කරනවා, ඒ මොකක්ද ඒ? එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා…
ලබන්නා වූ නව වසර සමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!!
118 downloads
<<Previous Episode All Episodes Next Episode>>