Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Bedevilled (2010) with Sinhala Subtitles |පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

$
0
0

Bedevilled 2010ආයුබෝවන්!

කලින් වතාවෙ දුන්න ”Pandora” චිත්‍රපටිය හොඳයි නේද?ඉතින් අද අරගෙන ආවෙත් ටිකක් පරණ වුණත් කොරියන් බලන කෙනෙක් මග ඇරගන්න ඕනෙ නැති චිත්‍රපටියක් අරගෙන.මේක 2010 සැප්තැම්බර් 02 තමයි තිරගත වෙලා තියෙන්නෙ.imdb 7.3 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේක thriller/drama ගනයට තමයි අයත් වෙන්නෙ.බලද්දි සංවේගයක් වගේම තරහකුත් දැනෙන මේ චිත්‍රපටිය වැඩිහිටියන් පමණක් බලන එක තමයි සුදුසු.එහෙනම් වැඩි දෙයක් නැතුවම සාරාංශ කරල කතාව කියන්නම්..

හේ වොන් (Ji Sung-won) කියන්නෙ බැංකුවක වැඩ කරන සාමාන්‍ය නිලයක් තියෙන සෝල් වල තනියම ජීවත් වෙන ගෑණු කෙනෙක්.මෙයාට හැමදාම රස්සාව කරලම මානසික ආතතියෙන් ඉන්නෙ..ඉක්මණට තරහ යනවයි කාවවත් රුස්සන්නෙ නෑ.ඉතින් රස්සාවෙ ප්‍රශ්නයක් වෙලා මෙයාව තාවකාලිකව රස්සාවෙන් අයින් කරනවා.නිවාඩුවක් අරන් එන්න කියලා.. ඉතින් මේ හේ වොන්, එයාගෙ සීයා ජීවත් වෙලා හිටපු වගේම එයාගෙ යාළුවා බොක් නම්(Seo Young-hee)ඉන්න මූදෝ දූපතට යන්න තීරණය කරනවා. දූපතට ගියාම බොක් නම් එයාව ඉහළින්ම ආදරෙන් පිළිගන්නවා.. බොක් නම්, හේ වොන්ව දකින්නෙ අවුරුදු ගානකින්.පොඩි කාලෙ ඉදන් බොක් නම් හේ වොන්ට ලියුම් ලිව්වට හේ වොන් ගනන් ගන්නෙවත් නෑ.

දූපතේ ජීවත් වෙන්නෙ මිනිස්සු 09 දෙනයි.කිසිම සංවර්ධනයක් නෑ.හුඟක්ම ජරා විදියට තමයි ජීවත් වෙන්නෙත්.බොක් නම්ගෙ මහත්තයයි නැන්දම්මයි එයාට වහලියකට වගේ තමයි සළකන්නෙ.බොක් නම් ඒ කිසි දෙයක් ගැන හිතන් නැතුව එයාගෙ දුව හින්දම ජීවත් වෙන ගෑණියෙක්.මෙයාට තමයි හැම දේකටම බණින්නෙ ගහන්නෙත්.දූපතේ අනිත් අයත් කිසි දෙයක් කියන්නෙ නෑ.මේ හින්දම බොක් නම්ට දුවවත් අරන් සෝල් වලට යන්න ඕනෙ වෙනවා.ඒ නිසා එයා හේ වොන්ට කියනව එක්කන් යන්න කියලා.ඒත් හේ වොන් බොක් නම්ව විශ්වාස කරන්නෙ නෑ.

තවත් සිදු වීම් හුඟක් වුණාට පස්සෙ බොක් නම් දුවවත් අරගෙන දූවෙන් පැනල යන්න හදද්දිම මහත්තයට අහු වෙනවා.බොක් නම්ට ගහද්දි එයාගෙ දුව තාත්තට වැද වැද ඇඬුවත් ගහන්න එපා කියලා එයාටත් ගහනවා.එතකොට ළමයගෙ ඔළුව ගලක වැදිලා මැරෙනවා.මැරුණට පස්සෙ නිලධාරියෙක් දූපතට ඒ ගැන බලන්න ආවත් හැමෝම එයාටත් බොරු කියලා වැටිල මැරුණ බව කියලා හරවලා යවනවා.මෙයාගෙ වැරැද්දෙන්මයි ළමයව මැරුණෙ කියල තමයි එයාටත් කියන්නෙ.

දවසක් මෙයා ඉර දිහා බලාගෙන ඉදලා… කැත්තක් අරගෙන ගමේ ඉන්න එක්කෙනා ගානෙ කොටාගෙන යන්න පටන් ගන්නවා.. ඉතින් මෙයාගෙ පළිය ගන්න පුළුවන් වෙයිද?හැමෝවම මරන්න පුළුවන් වෙයිද?හේ වොන්ට මොකද වෙන්නෙ කියල බලන්න. එහෙනම් අදට ගිහින් තවත් උපසැරසියක් අරන් ඉක්මණට එන්නම්.

ආයෙත් කියන්නම් මේක වැඩිහිටියන් පමණක් බැලුවොත් හොඳයි.

බුදු සරණයි!

NEW

 

Bedevilled (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

[FILMKU.NET] Bedevilled.2010.BluRay.720p.x264.Ganool.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>