Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marnie (1964) with sinhala subtitles |මාර්නි.(ලියතඹරා) [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Marnie (1964)මෙන්න මම ඔයාලට තවත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමක් ගෙන ආව. ප්‍රමුඛ පෙලේ සමාගම් වල ලිපිකාර තනතුරු සඳහා රැකියා ලබාගන්නා මාර්නි, පෙනි සිටිනුයේ  ව්‍යාජ නම් වලිනි. ඒ ඇගේ යටිසිතේ ක්‍රියාත්මක වන අදහස් ඉටුකරගැනීමටයි. ඇගේ කර්ර්‍යය වන්නේ මාස කිහිපයකට පසු ආයතනය මංකොල්ල කා පලා යෑමයි. මෙලෙස සේවය කල ස්ට්‍රට් ආයතනය කොල්ල කා පලා යන ඇය, ඊලඟට තෝරාගන්නේ රට්ලන්ඩ් නම් ආයතනයයි.


සම්මුඛ පරීක්ෂණයේදී ආයතනයේ හිමිකරු ඇයව දකින අතර පෙර දැක පුරුදු බව සිතුනද ඒ පිළිබඳ විශ්වාසයක් නැතිනිසා සිතින් අත හැර දමා ඇයට රැකියාව ලබාදෙයි. කල් යත්ම මාර්ක්ගේ සිතෙහි මේ සුරූපී තරුණිය කෙරේ විශේෂ කැමැත්තක් උපදී. නමුත් ඇයට තම සිතැඟි පැවසීමට පෙරම ඇය ආයතනයෙන් මුඩ්ජල් සොරකම් කර පලායයි. නමුත් මාර්ක්ගේ කාර්යක්ෂමතාවය නිසා ඇයව අල්ලාගැනීමට හැකිවේ.


මේ සොරකම් හා ඇගේ චර්‍යාවේ ඇති අසාමාන්‍ය බව නිසාම ඔහු ඇයව පොලිසියට බාර නොදී විවාහ කරගනී. ඒ ඇයට යම්කිසි මානසික ආභාධයක් ඇතිබව අටහාඅ ගන්නා නිසාවෙනි. දිගින් දිගටම ඇයගෙන් ලැබෙන විරෝධතා නොසලකා ඇයව සුවපත් කරගැනීමට උත්සහය දරයි. මේ රෝගී තත්වයට හේතුව යම්කිසි අතීත සිද්ධියක් බව වටහා ගන්නා ඔහු ඒ පිලිබඳ පරීක්ශා කිරීමට රහස්පරීක්ෂකයකු යොදවයි.


ඔහු හරහා ලබාගන්නා ලද තොරතුරු අනුව මෙය බිහිසුණු අපරාධයක ප්‍රථිපලයක් බවත්, මෙයට විසඳුම් ඇත්තේ ඇගේ මව ලඟ බවත් වටහා ගන්නා මාර්ක්, මාර්නිව මව වෙත කැඳවාගෙන යයි. එහිදී මව විස්තර කරනුයේ මාර්නිට අමතකව ගිය, ඇගේ මානසික ආබාධයට හේතු වූ අතීතයයි.

Marnie (1964) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>