Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sabotage (1936) with sinhala subtitles |කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Sabotage (1936)1936 වසරේ තිරගතවන තවත් කලුසුදු චිත්‍රපටයක්.

වර්ලොක් මහත්මයා සිනමාශාලා හිමියෙක්, නමුත් ඒ අතරම ඔහු විදෙස් ඔත්තු සේවා නිළධාරියෙක්. ලන්ඩන් නගරය තුල දිගින් දිගටම සිදුවන විනාශකාරී සිදුවීම් පිටුපස මේ සිනමාශාලා හිමිකරු ඇති බවට සැක කරන ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය ඒ පිලිබඳ පරීක්ෂණයක් පවත්වයි. මේ පිලිබඳ විමසිල්ලෙන් සිටීමට ඒ අසලම පිහිටි පලතුරු වෙළඳ සැලේ සහයකු ලෙස වෙස්වලාගත් ස්පරීක්ශකයකු යොදවන පොලීසියේ බලාපොරොත්තුව ඔහුගේ බිරිඳ හරහා යම් තොරතුරක් දැනගැනීමටයි. නමුත් කාරණා සොයාබැලීමේදී ඇය මේ කිසිවක් නොදන්නා බවත් , මේ කිසිම දේකට සම්බන්ධ නැති බවත් පොලිසිය තහවුරු කරගනී.


නමුත් අවසානයේ වර්ලොක් මේ සඳහා ඍජු සම්බන්ධයක් ඇති ව පොලීසිය සොයාගනී. ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිටීමට පොලීසිය යොදවන නිසා පෙර සැලසුම් කල විනාශයක් අතරමග ඇනහිටින්නේ වර්ලොක් මහත්මියගේ සොහොයුරාට මරණය අත්කර දෙමිනි. තම සොයුරාගේ මෙන්ම නගරයේ සිදුවූ තවත් විනාශකාරී සිදුවීම් වලට ඍජුවම තම ස්වාමියා වගකිවයුතුය යන්න දැනගන්නා වර්ලොක් මහත්මිය වර්ලොක්ව මරාදමයි. බෝම්බය නිමවූ පුද්ගලයා සිනමා ශාලාවට පැමිණෙන්නේ වර්ලොක් මහතා ඝාතනය වූ බව නොදැනයි. පොලිසිය වර්ලොක් මහතාව අත් අඩංගුවට ගැනීමට පැමිණෙන විට එම නිවස තුල හිරවන බෝම්බ කරු බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසගනී. බෝම්බය පිපිරීමට පෙරම වර්ලොක් මහතා මියගොස් සිටි බව දන්නේ වර්ලොක් මහත්මියත් රහස්පරීක්ෂකයාත් පමණි.

Sabotage (1936) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>