ඔන්න එහෙනම් මේ සුදානම භායනක් චිත්‍රපටයක් ඔබවෙත ගෙන එන්න. මේක නවසීලන්තය චිත්‍රපටයක්. 2015 හැටියට නම් වෙන්නේ නවසීලන්තයේ 2015 දී සීමිත දර්ශන වාර කිහිපයක් කල නිසාවෙන්, හරි හැටියට මේක ලෝකයට විවෘත වෙන්නේ මේ මාසයේ 8 වැනිදා, ඉතින් වැඩි පරක්කු නැතුවම අරගෙන ආවා. බලනකොට හිතාගෙන යන ඔක්කොම අනික් පැත්ත හැරෙන ජාතිය කතාවක් මේක.
මේක නිර්මාණය කරලා තියෙන්නේ Jason Stutter විසින් ප්‍රධාන චරිත තුනයි තියෙන්නේ මේ තුන වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නේ Jed Brophy, Jeffrey Thomas, Laura Petersen කියන පිරිස. විනාඩි 80 ක් කාලයක් පුරා දිවෙන මේ චිත්‍රපටය මේ වෙනකොට IMDB 5.2 ක් අගයක් ලබාගෙන තියනවා.
මේ කතාව නවසීලන්ත ගැමි කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කතාවට අනුව ඔටාගෝ ප්‍රදේශයේ ගැමි නිවසක 1970 විද්‍යා ගුරුවරුන් දෙන්නෙක් රැයක් ගත කරද්දී සිද්ධ වුන සිදුවීම් ගැන කල පැමිණිලි වගයක් තියනවා. ඒ පැමිණිලි තමයි කතාව ගොඩ නැගෙන්න රුකුල් වෙලා තියෙන්නේ.
එහෙනම් තවත් වැඩි කතා නැතුවම කතාව මොකද්ද කියලා පොඩ්ඩක් දැනගමු. ටිකක් හුදෙකලා පැත්තක නිවසක් තියනවා මේකේ හිටිය පිරිස එක්වරම භය වෙලා මේ නිවස හැර යනවා, ඉතින් මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ නිවස වෙත එවනවා රක්ෂණ සමාගම විසින්. මේ අතරෙන් දෙන්නෙක් විද්‍යාඥයන්, ඔවුන් උපකරණ, විද්‍යාත්මක ඇත්ත මත පදනම් වෙලා හොල්මන් එහෙම විශ්වාස කරන්නේ නැහැ. අනික් කෙනා කාන්තාවක් ඇය පේන කියන්නියක්. දවසක් ගත වෙනවා දෙකක් යනවා කිසිම ලොකු වෙනසක් නැහැ නමුත් මෙහෙම යනකොට මෙයාලට දැනෙනවා පාන්දර 3 කණිසම නාදවිම එකක් කරුණු කාරනා වෙනස් වෙන බව. දොර ජනෙල් ඇරෙනවා, ලොකු හුලගක් එනවා ඔහොම දේ ගොඩක් වෙනවා, එක අයෙක් මේක විශ්වාස කරන වෙලේ අනික් දෙන්නා මීට එරෙහි වෙන හැටි බලන්නකෝ එහෙනම්….
හැබැයි ඕක බොහොම පොඩි දෙයක් විතරයි මොකද මේක නෙමෙයි මුළු කතාව, අවසානය වෙන්නේ කිසිවිටෙකත් නොහිතු දෙයක්. මේ සියල්ල කරන්නෙත් නොහිතු කෙනෙක්. ඒ මොකද්ද? මොකද වෙන්නේ ? කවුද මේවා කරන්නේ කියලා එහෙනම් බලන්නකෝ…
එහෙනම් ආයේ උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!!
ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා !!!
878 downloads