Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Princess Bride (1987) with Sinhala Subtitles |“සැබෑ ආදරය” [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ආයුබෝවන් හැමදෙනාටම. ටික කාලෙකට පස්සෙ තමා ආපහු සැරයක් සබ් එකක් අරගෙන එන්නෙ. මේක මගේ 16 වෙනි සබ් එක. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. කවුරැවත් මේ වෙනකං මේකට සබ් එකක් නොදුන්න එකත් ඇත්තටම පුදුමයි. මේක Adventure / Family / Fantasy / Romance යන වර්ග වලට අයත් චිත්‍රපටයක්. පවුලෙ හැමෝටම රසඳින්න පුළුවන් චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලොකු පොඩි බේදයක් නැතුව ඕනම කෙනෙක්ට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.

මෙය තිරගත වෙලා තිබෙන්නෙ 1987 වර්ෂයේදී. අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Rob Reiner විසින්.  Cary Elwes, Robin Wright, Chris Sarandon යන නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චිත්‍රපටය ගොඩනැගී තිබෙන්නෙ William Goldman නැමැති ලේඛකයා රචනා කෙරෑ The Princess Bride නැමැති නවකතාව ඇසුරින්. මේක IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවට අයත් එකක්.  8.1 ක් වැනි ඉහල මට්ටමෙ IMDB අගයක් ලබා මෙය IMDB දර්ෂකයේ 209 වෙනි තැන පසුවෙනවා. එමෙන්ම Hollywood Reporter වෙබ් අඩවිය 2014 වර්ෂයේදි නම් කෙරෑ Hollywood’s 100 Favorite Films කියන ලැයිස්තුවෙ මෙයට හිමි වී තිබෙන්නෙ 31 වෙනි තැන.  සාමාන්‍යයෙන් Fantasy / Romance / Family කතා වලට මෙච්චර ලොකු IMDB අගයන් ලැබෙන්නෙ කලාතුරකින්. එමෙන්ම මෙය තිරගත කෙරෑ අවධියෙන් පසු කාලීනව විශාල වශයෙන් ජනප්‍රිය වුනු චිත්‍රපටයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

දැන් මං චිත්‍රපටියේ අන්තර්ගතය ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ කතාව පටන් ගන්නෙ රෝගී තත්වයෙන් පසුවන කුඩා මුණුබුරෙක්ට කතන්දර පොතක් කියවන සීයා කෙනෙක්ගෙන්. තම රෝගී තත්වයෙන් පසුවන මුණුබුරා බැහැදැකීමට එන මෙම සීයා තම මුණුබුරා හට “The Princess Bride” නැමැති මෙම නවකතාව කියවනවා. මෙන්න මේ කතන්දර පොතේ අන්තර්ගත වන සිද්ධිදාමය තමා මුළු චිත්‍රපටය තුළින්ම නිරෑපණය වෙන්නෙ. ඒ කතාව පැරණි රජ කාලේ කතාවක්. වේස්ලි සහ බටර්කප් නැමැති යොවුන් වියේ පසුවන ආදරයෙන් වෙලුන යුවලක් ගැන තමා  එහි අන්තර්ගත වෙන්නෙ. තම අනාගතය සාර්ථක කරගැනීමට වේස්ලි නාවිකයෙකු වී මුහුදු ගමනක නියැලෙනවා. ආපහු පැමිණෙනවා යැයි බටර්කප් හට පොරොන්දු වී ගියත් ඒ මුහුදු ගමන නිම කර නැවත ඔහුට ගෙදර එන්නට ලැබෙන්නෙ නෑ. ඉතිං මේ ආදරවන්තයින් දෙපලට නැවත එකතු වෙන්න ලැබේවිද? ඔවුන්ට මොන මොන අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වෙයිද?

විනාඩි 98 ක ධාවන කාලයක් තිබෙන මෙම චිත්‍රපටය ඇත්තටම එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් එකක්. ඉතිං ඔයාලා මේ චිත්‍රපටය රස විඳිවි යැයි කියා බලාපොරොත්තු වෙනවා. තවත් මෙවැනි චිත්‍රපටයකට උපසිරස රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.

ඔබ සැමට ජයෙන් ජය පතමි !

The Princess Bride (1987) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Princess Bride.1987.720p.BRRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>