Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Secret Circle [S01 : E21] with Sinhala Subtitles |අවසන් පළිගුවේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

$
0
0

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 21 වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ හරියටම කියනවනම් තව එක කොටසකින් හැම දෙයක්ම අවසන් වෙනවා. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ. කලින් කොටසෙදි එබන් මායා බලයන් පාවිච්චි කරන නිසා කට්ටිය දැනගන්නවනේ එබන්ට කවුරැහරි ද්‍රෝහි මායාකාරයෙක් මයා බලයන් දීලා කියලා. ඒ වගේම එබන් ඒ කොටසෙදි යක්ෂයින්ව ආයෙමත් කැදවනවනේ. ඉතින් අවසානෙදි දැනගන්නවනේ නික් තමයි ඒ ද්‍රෝහියා කියලා. එබන් යක්ෂයින්ගේ උදවුවෙන් නික්ට ආයෙමත් පන දීලා එයාගේ මායා බලයන් අරගෙන. කලින් කොටසෙදි ළමයි හොයාගන්නවනේ අවසන් පළිගුව තියන තැන.

ඉතින් අද කතාවෙදි ළමයි ටික අවසන් පළිගුව හොයන්න උත්සහ කරනවා ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඇඩම්ගේ සීයා ඒක තියන වැඩ ඔක්කොම දාලා තමයි හන්ගලා තියෙන්නේ. ඒත් ඉතින් මේ පලිගුත් එක්ක බැල්කොයින් ලේ වල සම්බන්ධයක් තියනවා. ඉතින් බ්ලැක්වෙල් ඒ ගැන කැසීට කියලා දෙනවා. ඉතින් කැසී ගිහින් ඒක කරනවා එතකොට අර කැසී ජේක්ගේ මතකයෙන් අතීතයට ගියා වගේ ආයෙමත් අතීතයට යනවා. එයා එයාගේ අම්මා ඒ පළිගුව අරන් ඩයනගේ අම්මා හොයාගෙන යනවා දකිනවා.  ඒත් එයාට වැඩි විස්තරයක් බලාගන්න වෙන්නේ නැහැ.

ඉතින් කැසී ආයෙමත් වතාවක් ඩයනත් එක්ක ඇවිත් මේ මායාව කරලා අතිතයට යනවා. ඩයනගෙයි කැසීගේයි සම්බන්දේ නිසා එයාලට අවුරැදු 16කට කලින් සිද්ද වුන කතාවේ වෙනම් පැතිකඩක් බලාගන්න පුළුවන් වෙනවා. එයාලට හිතාගන්න වත් බැරි විදිහේ දෙයක් අවුරැදු 16කට කලින් වෙලා තියනවා. ඉතින් ළමයි කොහොම හරි අවසන් පළිගුවත් හොයාගන්නවා. ඒත් නික් ඉස්සර වෙනවා. දැන් ඉන්නේ ඉස්සර හිටිය නික් නෙමෙයි. ඒක නික්ගේ ශරීරය වුනාට නික්ගේ ආත්මය ඒක ඇතුලේ නැහැ. එයාට දිගටම ජීවත් වෙන්නනම් අමනුස්සයෙක්ව එහෙමත් නැත්තම් යක්ෂයෙක්ව එයාගේ ඇග ඇතුලට ගෙන්න ගන්න ඔනි. එයා හදන්නේ පළිගුව අරන් ගිහින් ඒක එබන්ට විකුනලා අමනුස්ස ආත්මයක් ලබාගන්න.

ඉතින් මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්නකෝ. කතාව නියමයි නේදෙ. නිකම්ම උපසිරසිය බාගෙන යන්නේ නැතිව අදහසකුත් දාගෙනම යන්න. එහෙනම් හැමෝටම ජය

අවසාන කොටසින් හම්බවෙමු..

 

 

The Secret Circle on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>