ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා තිබ්බා. අනේමන්දා ඉතින්. නොදැනුවත් කෙනෙක් ඉන්නවනම් කියන්නම්, මේක විකාශය වෙන්නේ සිකුරාදා දිනයේ. අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ සෙනසුරාදා උදේට. ඒ කියන්නේ අපි වගේ අයට ගන්න පුළුවන් සෙනසුරාදා. අනික් සීරිස්වල වගේ උදේ නවය වගේ වෙද්දී මේකේ උපසිරැසි එන්නෙත් නැහැ. හුගක් ප්‍රමාද වෙනවා. ඒ දවස්වල තූන්වෙනි සීසන් එකේ සබ් ආවෙම හවස හයෙන් පස්සේ. හතරවෙනි සීසන් එකටත් ඒ සේතේම උනොත් නම් මේ පාරත් පරක්කු වෙයි. අනික තියෙන වැඩත් එක්ක පැය පහක් මේකට වැය කරන්න අමාරුයි. ඉරිදට කොහොමටවත් උපසිරැසි දෙන්න බැහැ. ඒ නිසා පුළුවන් උපරිමෙන් සෙනසුරාදටම දීලා ඉවරයක් කරන්න උත්සහ කරන්නේ ඒ හින්දයි. නොදී ඉන්නේ නැහැ.
කතාවේ ආරම්භය නම් හිතුවා වගේම සුපිරියටම තිබුණා නෙහ්. නිව් ඔර්ලින් එහෙම දැන් මාසෙල්ගේ වෙලා. ක්ල්වුස් වේදනා විදිනවා බලන්න එයාගේ හතුරෝ ලෝකේ වටෙන්ම එනවා. හෙයිලි කොහොම හරි අවසන් වෘක රංචුවේ කෙල්ලෙක්ව හොයාගෙන එයාගේ පවුලේ එලයිජා, කෝල්, රෙබෙකා වගේම ෆ්‍රේයාව බේරගත්තා. අද කට්ටියට බලාගන්න පුළුවන් ක්ලවුස්ව බේරගන්න එයාගේ පවුලේ කට්ටිය එන්නේ කොහොමද, එතකොට එයාව බේරගන්නේ කොහොමද, මාසෙල්ගෙන් බේරිලා යන්න ලැබේවිද මේ වගේ හුගක් කරුණු කාරනා ඔයාලට බලාගන්න පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
The.Originals.S04E02.HDTV.
The.Originals.S04E02.720p.
The.Originals.S04E02.HDTV.
The.Originals.S04E02.XviD-AFG
The.Originals.S04E02.480p.
The.Originals.S04E02.720p.
The Originals S04E02 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E02.720p.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
142 downloads