සියලුම දෙනා විරුද්ධ වෙද්දි වෛද්‍ය කැන්ග්ව බේරගන්න යන්න හමුදාපතිතුමා ශි ජින්ට අවසර දෙනවා. තමන්ගෙ තනතුරත් ඇපේට තියල තමයි ඔහු ඒක කරන්නේ. මරණය ලඟටම ගිහින් ආපු මියොන් ජෝ ලඟ ඉන්න සියෝ ඩේ යොන්ග්ටවත් නොකියා ඔහු රහසින්ම ඒ සඳහා පිටත්ව යනවා. ඒත් වෙලා තියෙන දේ අනුමාන කරන්න සියෝ ඩේ යොන්ග්ට වැඩි වෙලාවක් යන්නේ නැහැ. නැවතත් ඇල්ෆා බලගණය කැඳවන ඔවුන් ශි ජින් ගේ උදව්වට යනවා. එතනදි බොහොම වෙහෙසක් දරලා වෛද්‍ය කැන්ග්ව බේරගන්න අතරම ශි ජින් අතින් ආර්ගුස් මිය යනවා. තමන් කලක් මිතුරෙක් මෙන් සලකපු කෙනෙක්ව තමන්ගෙම අතින් මරන්න වුන එක ගැන ශි ජින් බොහොම දුක් වෙනවා. මේ අත්දැකපු දේවල් නිසා කැන්ග් මෝ ඉයුන්ගෙ හිත ආයෙත් සසල වෙනවා. ඉතින් ශි ජින් අහනවා තමන්ගෙන් වෙන්වෙන්න ඇයට ඕනෙද කියලා. ආහ්.. තවත් දෙයක් සිද්දවෙනවා. ශි ජින් කොච්චර ඇහැව්වති මියොන්ග් ජෝ වගේම මෝ ඉයොනුත් හංගපු ඒ දෙන්නා අතර තියෙන විරසකයට හේතුව මෙන්න නොහිතපු වෙලාවක එලි වෙනවා.
203 downloads
<< Previous Episode All Episodes Next Episode>>