Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Splice (2009) with Sinhala Subtitles |දෙමුහුන් ජීවියා [සිංහල උපසිරැසි සමඟ] (18+)

$
0
0

එන්.විජිත අසංක සහෝදරයාගේ ලිපිය

එන්.විජිත අසංක වන මගේ හතලිස් අට වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2009 වසරෙදි තිරගත වුනු   Drama, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 104 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ   Vincenzo Natali නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ American Heist, Predators, King Kong වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපෑ Adrien Brody නම් නළුවා සහ Sarah Polley නම් නිළියයි. ඒ වගේම Delphine Chanéac නම් නිළියත් මෙහි සුවිශේෂී චරිතයක් රඟපානවා.

ක්ලයිව් ( Adrien Brody) සහ එල්සා (Sarah Polley) කියන්නෙ විද්‍යාගාරයක සේවය කරන විද්‍යාඥයින් දෙන්නෙක්. මෙයාලගෙ මූලික පර්යේෂණ කටයුත්ත තමයි විවිධ ජීවීන්ගේ ජාන එකතු කරලා දෙමුහුන් ජීවීන් බිහිකරන එක. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණාට පස්සෙ එයාලට ඕනෙ වෙනවා මානව ජාන භාවිතා කරලා ජීවියෙක් බිහිකරන්න. ඒත් ඒකට ආයතනයෙ ප්‍රධානීන්ගෙන් අවසර නම් ලැබෙන්නෙ නෑ. ඉතිං මෙයාලා මොකද්ද කරන්න හදන්නෙ කියල දැනගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කලින් පළකර තිබු ප්‍රබුද්ධ  සොහොයුරාගේ ලිපිය

මිනිස් ජාන 75% සහ සත්ව ජාන 25% යොදා ගනිමින් ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් නවීන තාක්ෂණය යොදා අලුත්ම පරීක්ෂණයක් සිදු කරන්නට සැරසේ.මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රවීණයන් දෙදෙනෙක් වූ නිකොලි සහ එල්ශා කැස්ට් දෙදෙනාය.මාස කීපයක් තිස්සේ සිය පරීක්ෂණ කටයුතු රහසිගතව සිදු කරනු ලබන ඔවුන් දෙදෙනාට අවසන් පරීක්ෂණයෙදී නොසිතූ ඇබැද්දියකට මුහුන දීමට සිදුවේ.

මෙම පරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට මිනිසෙකු මෙන් හැඩති,සත්වයෙකු මෙන් ක්‍රියාකාරකම් ඇති අපූර්වතම ජීවියෙක් සොයා ගැනීමට හැකියාව ලැබේ. ඉතා කෙටි කාලයක් තුලදී වැඩෙන මෙම අපූර්වතම ජීවියාට දිගු වලිගයක්, ඉතා වේගයෙන් පැනීමට හා දිවයාමට හැකි පාද යුගලක් මෙන්ම අත්තටු සහිත ශක්තිමත් සිරුරක්ද පිහිටා ඇත. මිනිසෙකුට වඩා වෙනස් හැඩැති මෙම ජීවියාට ඔවුන් ඩ්‍රෙන් ලෙස නම් තබයි. කිසිවෙකු හිංසා කරතැයි යන බියෙන් නිකොලි එම ජීවියා මරා දැමීමට සූදානම් වූවත් එල්ශා මැදිහත්ව ඔහු බේරා ගනී. කෙසේ වෙතත්…ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා කෙටි කාලයකින් වැඩෙන මෙම ජීවියා තමාට උදව් උපකාර කරන සියල්ලෝම සතුරන් යැයි සිතා ඔවුන්ට පීඩා කරන්නට සූදානම් වේ. අවසානයේ කිසිවෙකුත් විශ්වාස නොකරන අන්දමේ ඉතා දුක්බර අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවේ.

2010 ජූනි මස ” වෝනර්ස් බ්‍රදර්ස් පික්චර්ස්” සමාගමේ 21720 වැනි චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය ආරම්භ කල SPLICE චිත්‍රපටයේ කතා තේමාව.නියම ‍ෆිල්ම් එකක් බාගෙනම බලන්නකෝ….

Splice (2009) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.


Splice-2009 BRRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BRRip සඳහා යාවත්කාලින කර ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>