Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles |චෑන්ගේ ඉන්දියානු සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිරැසිය හදන්න උනේ. ඒ කතාවලින් වැඩක් නෑ නේ. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

මේ චිත්‍රපටය තිරගත කිරිම ආරම්භ කෙරුනේ  ජනවාරි විසි එක් වෙනිදා. imdb අගය 5.7කුත් තක්කාලි අගය 50%කුත් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය හැටියට ඉන්නේ ඔයාලා ආදරේ කරන චැකී ජෑන්. ඊට අමතරව ඉන්දියාවෙන් සෝනු සූද්, දීශා පටානී, රංගන දායකත්වයක් දෙනවා. මීට කලින් චෑන් ඉන්දියාවේ චිත්‍රපටයකට සම්බන්ධ උනාද කියලා මට නම් ඒ හැටි මතකයක් නැහැ. කතාවෙත් ඒහැටි අඩුපාඩුවක් මං දැක්කේත් නෑ. චෑන් මේ කතාවෙදී රටම පිළිගත්ත පුරාවිද්‍යාඥයෙක්. මහාචාර්යවරයෙක්. දවසක් මෙයා දේශණයක් කරකර ඉද්දී මෙයාව හම්බවෙන්න ඉන්දියාවේ රජයෙන් එවලා කියන අශ්මිතා කියලා පුරාවිද්‍යාව පිළිබඳ Phd එකක් තියෙන කියලා කියාගන්න නෝනා කෙනෙක් එනවා. නිකන්ම හම්බවෙන්න නෙවෙයි එන්නේ, අමුතු වැඩකට අතගහගන්න කියලා යෝජනාවකුත් අරගෙනයි එන්නේ. පේන විදිහට ඒක ඉන්දියාවේ මඝධ රාජ්‍යයට අයත් නැතිඋන නිධානයක්. මඝධ රාජ්‍යයක්? නිධානයක්? කොහොමද මෙතනට එකපාරට ගෑවුනේ කියලා ඔයාලට කතාව මුලදී දැනගන්න ලැබෙයි. ඒ නිධානය හොයාගන්න උදව් ඉල්ලගෙන තමයි මෙයා ඉන්දියාවේ ඉඳලම ඇවිල්ලා ඉන්නේ. මේ නිධානය ගැන ඇහැගහගෙන ඉන්න තවත් කට්ටිය නැතුවට නෙවෙයි. මුලු කතාව පුරාවට ඒ බලගතු කියන නිධානය ගැන තමයි තියෙන්නේ. චෑන්ගේ රසිකයෙක් නම්, සුපුරුදු පරිදි කුන්ග්ෆූ පාරවල්, වඳුරෝ වගේ උඩ පනින දේවල් බලාපොරොත්තු වෙනවනේ. තියෙනවා තියෙනවා. වෙනසකටත් එක්ක මේක බැලුවට පාඩු නැහැ. එහෙනම් මම නවතිනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

*-* ජය ශ්‍රී *-*

Gong fu yu jia (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kung.Fu.Yoga.2017.HC.HDRip.XviD.AC3-EVO

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>