Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Anthropoid (2016) with sinhala subtitles |ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම….[සිංහල උපසිරසි සමඟ]

$
0
0

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “ American Beauty (1999) ආදරය සුන්දර වරදකි…කිසිදා සමාවක් නම් නැති…. ” සිනමා සිත්තමේ උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සම්බන්ධ උන අසංක ප්‍රදීප් රණතුංග සහෝ ටත්.

මේ  පාර උපසිරැසිකරනයට තෝර ගත්තේ දෙවන ලෝක යුධ සමයේ දියත් කල සුපිරි මෙහෙයුමක සත්‍ය කතාව පදනම් කර ගනිමින් 2016 වසරේ නිමැවුන IMDb දර්ශකයේ 7.2 ඉහල අගයක් ලබාගත් සම්මානනීය  සිත්තමකුයි. මේකේ කතාව මුලුමනින්ම දිවෙන්නේ එවකට නාසි ජර්මනියේ තුන් වන බලවත්ම පුද්ගලයා වූ ජනරාල් රෙයින්හාර්ඩ් හයිඩ්‍රිච් “SS General Reinhard Heydrich” ( SS බලකා ප්‍රධාන අණදෙන නිලධාරී / The Butcher Of Prague-ප්‍රාග්හි මස් වැද්දා ) ඝාතනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය විශේෂ ක්‍රියාන්විත ඒකකය (British Special Operations Executive)විසින් දියත් කල අති සූක්ෂම මෙහෙයුම වටායි.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් ජෝසෆ් ගැබික් (Jozef Gabčík) ජාන් කූබිස් (Jan Kubiš) කියන්නේ  ඇන්ත්‍රොපොයිඩ් කියන අතිශය රහසිගත මෙහෙයුම වෙනුවෙන් ජර්මන් පාලනය යටතේ තිබුනු චෙකෝස්ලෝවේකියාවට පැරචුට් මගින් ගොඩ බසින කමාන්ඩෝ සෙබලුන් දෙන්නෙක්. නමුත් ගුවන් නියමුවාගේ වරදක් නිසා ඔවුන් නියමිත ස්ථානයට වඩා කිලෝමීටර් 30ක් විතර ඈතින් තමයි ගොඩ බහින්නේ. නමුත් දහසකුත් බාධා සහ පාවා දෙන්නන් මැද ඔවුන් කෙසේ හෝ දේශීය සටන්කාමීන් සමග එක් වෙනවා. එතැන් පටන් තම මෙහෙයුම වූ ජනරාල් වරයා ඝාතනය කිරීම වෙනුවෙන් අතිශය සූක්ෂමව සැලසුම් සකස් කරනවා. අවසානයේ කුමක් සිදු වේවිද? ඔවුන් ජනරාල්වරයා ඝාතනය කරාවිද? නැත්නම් ජනරාල්වරයාගේ සන්නද්ධ ආරක්ෂකයන් අතින් ඔවුන් මැරුම් කාවිද?

මමම ඒකට උත්තරේ දෙන්නම්, මෙහෙයුම සාර්ථක වෙනවා. ජනරාල්වරයා ගමන් ගන්නා මාර්ගයේ මග රැක සිට එල්ල කරන ක්ෂණික ප්‍රහාරයකින් ජනරාල්වරයා බරපතළ තුවාල ලබනවා. පසුව ඒ තුවාළ හේතුවෙන්ම ඔහු මිය යනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය විශේෂ ක්‍රියාන්විත ඒකකය විසින් දියත් කර සාර්ථක වූ මේ වර්ගයේ එකම මෙහෙයුම. ඒ වගේම දෙවන ලෝක යුද සමයේ ඝාතනය වූ ඉහලම හමුදා අණදෙන්නා වෙන්නේ ජනරාල් රෙයින්හාර්ඩ් හයිඩ්‍රිච්. එතැනින් පස්සෙ තමයි හොදම ටික පටන් ගන්නේ. මොකද තමන්ගෙ පාලන ප්‍රදේශෙටම ඇවිත් එල්ල කරපු මේ ප්‍රහාරය නිසා ජර්මානුන් වියරු වැටෙනවා. ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ උන කමාන්ඩෝ සෙබලුන්ට ප්‍රහාරයට හොඳ සැලසුමක් තිබුනත් ඊට පස්සේ පලා යන්න සැලසුමක් තිබුනේ නෑ. මොකද ඒ ප්‍රහාරෙන් පස්සේ තමන්ගේ ජීවිත බේර ගන්න එකට වඩා මෙහෙයුමේ සාර්ථකත්වය තමයි ඔවුන්ට වටින්නේ. එතනින් පස්සෙ කතාවනම් මම කියන්නෙ නෑ මොකද ඒක වචනෙන් කියන්න බැරි තරම් සුපිරි නිසා. ඔවුන් ජර්මානුන්ගේ අතට හසු වේවිද? වීරයන් මෙන් මිය යාවිද? නැතිනම් තවත් සූක්ෂම සැලසුමකින් නිරුපද්‍රිතව පලා යාවිද? මේ හැමදේටම උත්තර හොයාගන්නත් එක්කම මේ සුපිරි සිනමා සිත්තම රස විදින්න ඔය හැම දෙනාටම ආරාධනා කරනවා.

මේ මෙහෙයුම ගැන වැඩි දුරටත් විස්තර දැන ගන්න කැමතියි නම් පොඩ්ඩක් ” Operation Anthropoid ” කියලා google සර්ච් කරලා බලන්න. පුදුම හිතෙන විස්තර ටිකක් දැක ගන්න පුලුවන් වේවි. මේ තියෙන්නේ ඒ සිදුවීමට අදාල සත්‍ය චායාරූප කීපයකුයි.

තවත් සුපිරිම සිනමා සිත්තමක උපසිරැසියක් සමගින් නැවත හමුවෙමු……

Anthropoid (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Anthropoid.2016.720p.BRRip.x264.AAC-ETRG
Anthropoid.2016.720p.BRRip.x264.AAC-SUJUS
Anthropoid.2016.LIMITED.BDRip.x264-DRONES

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>