ෆිලුමක් අරගෙන මම ඉක්මනටම ආවා.කලින් වතාවේ කිව්ව විදියටම මේක මලයාලම් ෆිලුමක්.තවත් මලයාලම් සුපිරි නළුවෙක් වෙන Nivin Pauly වගේම, ජේෂ්ඨ මලයාලම් නළු නිලියන් කීපදෙනෙක්ම මේ ෆිලුමට රංගනයෙන් දායකවෙලා තියෙනවා.මේක ආදර කතාවක්නම් නෙවෙයි.කතාවේ තියෙන්නේ ලන්ඩන්වල ජීවත්වෙන මලයාලම් අය කිහිපදෙනෙක්ගේ ජීවිත ගැනයි.ඒ වගේම එයින් පරිබාහිරව ඔවුන්ට මුහුණපාන්න වෙන ප්‍රශ්න සහ ඔවුන් ඒ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදෙන විදිය ගැන තමයි මේකෙන් කියවෙන්නේ.
ෆිලුමේ මූලිකවම පුද්ගලයින් පස් දෙනෙක් ගැන කියැවෙනවා.ශන්කරන් කියන්නේ කතකලි නර්තන ශිල්පියෙක්,මෙයා සංචරාක වීසා වලින් එංගලන්තයට ඇවිල්ලා නීති විරෝධිව නැවතිලා ඉන්න කෙනෙක්,කෝකියෙක් විදියට ලන්ඩන්වල වැඩ කරනවා.සරසු(සරස්වතී) කියන්නේ මැදි වයසේ කාන්තාවක්,එයාගේ සැමියා වෛද්‍යවරයෙක්.මොවුන්ට දරුවන් දෙන්නෙක් ඉන්නවා.ජෝයි කියන්නේ ලන්ඩන් නගරයේ කුඩා කඩයක ව්‍යාපාර කරන කෙනෙක්.මෙයාගේ බිරිඳ හෙදියක්.තරුණ දුවක් මේ දෙන්නට ඉන්නවා.ජෝයි බොහොම ආදරයෙන් තමන්ගේ වයසක අම්මව ගෙදර තියාගෙන බලාගන්නවා.සිබින් කියන්නේ ඉන්දියාවෙන් පිට ඉපදුනු කෙනෙක්.මෙයා තමන්ගේ පවුලේ අයගෙන් වෙන්වෙලා ජීවත්වෙන තරුණයෙක්.පෞද්ගලික ආයතනයක සේවය කරනවා.මෙයාගේ යාළුවගේ බිරිඳ තමයි ගෞරි.එයා අලුතෙන් විවාහවෙලා තමයි ලන්ඩන්වලට ඇවිල්ලා ඉන්නේ.ඉතින් මේ අය සහ එයාලගේ සමීපතමයන් ගැන තමයි ෆිලුමේ තියෙන්නේ.මුලින්ම මේ හැමෝම වගේ බොහොම සතුටින් ජීවත් වෙනවා.ඒත් පස්සේ මේ හැමෝටම එක එක ආකාරයේ ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්දවෙනවා.ඒ වගේම මේ පුද්ගලයන් අතර අලුත් සම්බන්ධතා ගොඩනැගෙනවා.මේ දේවල් හමුවේ මේ අය ගන්න තීරණවලින් එයාලගේ ඉදිරි ජීවිතය යොමුවෙන්නේ කොහෙටද කියන එක තීරණය වෙනවා.ඒ වගේම අන්තිමට අපි නොහිතන විදියේ දේවල් අපිට මේකෙන් දකින්න වෙනවා කිව්වොත් නිවැරදියි.
ඇත්තටම කිව්වොත් මේක බලාගෙන යද්දී මේක සරල සිද්දි කිහිපයක් තියෙන ෆිලුමක් කියලා තේරේවි.ඒත් අපි ගන්න තීරණ අපේ ජීවිතයේදී කොච්චර වැදගත් සාධකයක්ද,ඒ වගේම ඒවා අවශ්‍ය තැනදීම ගන්න ඕනේ කියන පණිවුඩය මේකෙන් ලබා දෙනවා.මේක 2012දි තිරගතවුන එකක්.ඒ නිසා සක්‍රිය ටොරන්ට් එකක් නම් හොයාගන්න බැරිවෙයි.ඒත් ඒකට විකල්පයක් විදියට YouTube එකේ තියෙන පිටපත බාගන්න ඔයාලට පුළුවන්.” Malayalam Full Movie 2016 ENGLISH – Malayalam Full Movie New Releases malayalam hd movies ” කියලා YouTube search (Google නෙවෙයි කෙලින්ම YouTube search කරන්න) කලාම ලැබෙන පළවෙනි වීඩියෝ පිටපත බාගන්න.මේක මගේ නවවැනි උපසිරැසි නිර්මාණය.වෙනදා වගේම කියන්න තියෙන්නේ උපසිරැසිය ගැන කියන්න තියෙන අදහස්,යෝජනා,චෝදනා,දිරිගැන්වීම් කියන ඕනෙම දෙයක් පොඩි වෙලාවක් අරගෙන කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න කියලා.ඒක ඇත්තටම අපිට ගොඩක් වටිනවා! ඉතින් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.
එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Youtube පිටපත සඳහා අදාළ වේ.
165 downloads