හෙළිලි හේමමාලි සොහොයුරියගේ ලිපිය
මුලින්ම බයිස්කෝප්වාසී සියලු දෙනාටම කිරියෙන්, පැණියෙන් ඉතිරෙන සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. අද මම ගෙනාවෙ සම්මාන ගණනාවක් දිනා ගත්ත, Run Lola Run (1998) ජර්මන් ෆිල්ම් එක. මං මුලින් ම කතාවේ වෙන දේ කෙටියෙන් කියන්නම්. ලෝලා කියන්නේ සරල ගෑනු ළමේක්. එයාට පෙම්වතෙක් ඉන්නවා මනී කියලා. මනී වැඩ කරන්නේ.
රොනී කියන මැරයට. දවසක් රොනී, මනී ට පවරනවා දියමන්ති වගයක් විකුණලා සල්ලි ටික දවල් 12 වෙද්දි ගේන්න කියලා. සල්ලි ටිකක් කිව්වට ටිකක් නෙවේ හැබැයි..කොහොම හරි මනී සල්ලි බෑග් එක නැති කර ගන්නවා. ඊට පස්සේ මනී උදවු ඉල්ලන්නේ ලෝලගෙන්. මොකද මනීට වෙන කියන්න කෙනෙක් නෑ, අනික 12 වෙද්දි සල්ලි හොයා ගන්න බැරි වුනොත් මනීට වෙන්නේ රොනී ගෙන් මැරුම් කන්න!
මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, කියන්න නම් දේවල් ගොඩයි. අධ්‍යක්ෂණය වගේම, තිර පිටපතත් Tom Tykwerගේ. සමහර විට ඔයාලා දන්නවත් ඇති, සමහර විට නොදන්නවත් ඇති චිත්‍රපටි කර්මාන්තය ගත්තම ප්‍රධාන කාණ්ඩ දෙකකට චිතපටි හැදෙනවා. එකක් Main-stream Cinema(ප්‍රධාන ධාරාවේ සිනමාව), අනික් එක Art-house Cinema(කලාගාර සිනමාව). Run Lola Run (1998) ගත්තම මේක අයිති වෙන්නේ කලාගාර සිනමාවට. තේරුනේ නැද්ද? මේ කලාගාර සිනමාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි කතාවෙ අන්තිම වෙනකන්ම ඊලඟට මොකකින් මොකක් වෙයිද කියලා කියන්න අමාරුයි. අපි ගොඩක් බලන චිත්‍රපටි ගත්තම ඒවා Main-stream සිනමාවට අයිති වෙන්නේ.
මේ චිතපටියේ කතාව කොටස් තුනකින් පෙන්නනවා. මං කලින්ම කතාවෙ වෙන දේ කෙටියෙන් ම කිව්වනේ. ඒත් එතනින් පස්සේ ලෝලා කොහොමද, මනී බේර ගන්නේ කියලයි බලන්න වටින්නේ..ඒ කොහොමද කියලා ඔයාලම බලන්න. මේ චිත්‍රපටිය පිටින් පේනවට වඩා ඇතුළෙන් ලොකු තේරුමක් තියනවා. සමහර විට කෙනෙක්ට ඒක නොතේරෙන්නත් පුලුවන්. ගොඩක් දුරට මේකේ සංඥා යොදාගෙන පේන දේට වඩා දෙයක් කියන්න උත්සහ කරලා තියනවා. චිත්‍රපටි ගැන ඉගන ගන්න ආසා කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් Run Lola Run (1998) බලන්න. ලෝලගෙ කොන්ඩෙ රතු පාට මොකද, රිසීවරේ රතු පාට මොකද, ෆෝන් බූත් එක කහ පාට ඇයි මේ වගේ ගොඩක් දේවල් පිටිපස්සේ තේරුමක් තියනවා. මේ වගේ කියන්න ගියොත් නම් ගොඩක් දේවල් තියනවා. ඒ නිසා මෙතනින් නවත්තනවා.
පේන දේට වඩා දෙයක් දකින්න කැමති කට්ටිය අනිවාර්යෙන් බලන්න.
ආයිත් හමුවෙමු! සුබ දවසක්!
තුෂාර උදයංග සහෝදරයා විසින් කලින් පල කරන ලද ලිපිය
ඔන්න තවත් බයිස්කෝප් එකක් ගෙනාවා. මම නම් බලපු පට්ටම පට්ට බයිස්කෝප් එකක්. එහෙනම් මෙන්න කතාව.
ලෝලා කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක්. එයාට ඉන්නවා පෙම්වතෙක්. හැබැයි ටිකක් මැර චරිතයක්. දවසක් මේ කොල්ලට පාතාල මැරයෙක් දියමන්ති ටිකක් දෙනවා විකුණන්න. මේ ටික විකුණගෙන එන අතරෙ සල්ලි බෑග් එක කෝච්චියේ බැරි වෙනවා. ඉතින් අර පාතාලයාට 12ට කලින් සල්ලි නොදුන්නොත් කොල්ලට මැරෙන්නයි වෙන්නෙ. ඉතින් ලෝලාට කෝල් එකක් දෙනවා සල්ලි හොයාගන්න පුලුවන්ද කියල. ඊට පස්සෙ වෙන දේ කාලයාට බාරයි…….
බයිස්කෝප් එක ගැන කියනවනම් තුන් විදියකට එකම කතාව තමයි පෙන්නන්නෙ. ඒත් බලන් ඉන්න අපිට ඒක දැනෙන්නේ නෑ. Tom Tykwer ඩිරෙක්ටර්ගෙ වැඩක් වෙන මේ බයිස්කෝප් එක IMDB ශ්‍රේණිගත කිරීම් වල 8 / 10 ගත්තු චිත්‍රපටියක්. අනික සම්මාන රැසක් දිනාගත්තු චිත්‍රපටියක්.
හරි කතා ඇති. කට්ටියම බාගෙන බලන්නකෝ. වෙලාව තියෙන විදියට සබ් එකත් දෙන්න බලන්නම්. කට්ටියටම ජය!!!!!!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Run Lola Run (1998) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
118 downloads