Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Asura: The City of Madness (2016) AKA Asura with Sinhala Subtitles |වියරු වූ නගරය. [සිංහල උපසිරැසි සමඟ] (18+)

$
0
0

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඉතින් ඔන්න අද මම අරන් ආවෙ මමත් එනකල්ම බලාගෙන හිටපු ෆිල්ම් එකක් වගේම උපසැරසි දෙනකල් ඉවසීමක් නැතුව හිටපු චිතපටියක් අරගෙන.2016 සැප්තැම්බර් 28 තිරගත වුණ මේ චිත්‍රපටිය action/crime/drama ගණයට අයත් වෙන චිත්‍රපටියක් වගේම imdb 6.7 කුත් ලැබිල තියෙනවා.මේකට හොඳ ඉංග්‍රීසි සබ් එකක් එනකල් ගොඩක් කල් බලාගෙන හිටිය.ඒ නිසා තමයි සබ් එක දෙන්න මෙච්චර කල් ගියෙ.හරි ඉතින් කතාව ගැන කියනවනම් මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිත කීපයක්ම තියෙනවා..

අංනම් වල නගරාධිපති පාක් සංග් බේ (Hwang Jung-min) කියන්නෙ එළියට හොඳ මූණ පෙන්නලා පුළුවන් තරමක් ජරා වැඩ කරන ඉක්මණින් කේන්ති යන මැරයෙක් වගේ නගරාධිපති කෙනෙක්.. මෙයා පොඩි පොඩි ගම් ටිකක් එකතු කරල ලොකු නගරයක් කරල සමාගමක් හදන්නයි ලෑස්ති වෙන්නෙ.ඒකට විරුද්ධ පක්ෂෙ කොහොමත් විරුද්ධයි.ඉතින් මේ නිසා තමයි මනුස්සය හුඟක් දරුණු ජරා වැඩ කරන්නෙ.. මිනී මැරුම් කුඩු ජාවාරම් වගේ දේවල්.

එතකොට හන් දො ක්යොන්ග් (Jung Woo-sung) කියන්නෙ අවුරුදු ගානක ඉඳන් අංනම් වල නගරාධිපති පාක් සංග් බේගෙ  වැරදි වැඩ කරන නගරාධිපතිගෙ වැරදි වහන පොලිස් නිලදාරියෙක්.ඒ වගේම මෙයාගෙ බිරිදට පිළිකාවක් නිසා ඉස්පිරිතාලෙ මැරෙන්න වැටිලයි ඉන්නෙ.මෙයාට සල්ලි ඕනෙ නිසා සහ ඒ බිරිඳ නගරාධිපතිගෙ අඩක් සහෝදරියක් වෙන නිසා තමයි හුඟක්ම නගරාධිපතිගෙ පව් වලට කර ගහන්න වෙන්නෙ.මෙයා සතියකින් පොලිසියෙන් අස් වෙලා නගරාධිපති ආරක්ෂකයෙක් හැටියට යන්නයි ලෑස්ති වෙලා ඉන්නෙ.ඒත් හදිස්සියෙම මෙයාගෙ අතින් එයාගෙ පොලිසියෙ ලොක්ක මැරෙනවා.ඒකට එයා එතන හිටපු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න එකෙක්ව අහු කරනවා..

එතකොට මුන් සොන් මූ (Ju Ji-hoon) කියන්නෙ හන් දො ක්යොන්ග් ගෙ සහෝදරයෙක් වගේ ඉන්න පොලීසියෙ එකට වැඩ කරන සඟයා.මේ දෙන්න අතර හොඳ බැඳීමක් තියෙනවා.පොලිසියෙ ලොක්කගෙ මරණෙ නිසා හන් දො ක්යොන්ග්ට නගරාධිපති ලගට යන්න බැරි වෙනවා.ඒ වෙනුවට මේ මුන් සොන් මූව එතන්ට යවනවා.. එතන්ට ගියාට පස්සෙ මූ හුඟක් වෙනස් වෙනවා.. නගරාධිපතිගෙ හොඳම ගෝලය වෙනවා..

අනිත් චරිතෙ තමයි කිම් චා ඉන්(Kwak Do-won) අභිචෝදක.මෙයා තමයි දැන් නගරාධිපතිව කොටු කරගන්න විමර්ශනය කරන කෙනා..මෙයත් එයාගෙ කණ්ඩායමත් එක්ක නීති විරෝධී විදියට තමයි මේ විමර්ශන කරන්නෙ.මෙයා දන්නව හන් දො ක්යොන්ග් නගරාධිපතිගෙ ජරා වැඩ කරන විත්තිය.ඉතින් හන් දො ක්යොන්ග්ගෙ වීඩියෝ එකක් එයාගෙ මැරෙන්න වැටිල ඉන්න නෝනට යවනව කියල තර්ජනය කරලා නගරාධිපතිව අල්ලගන්න සාක්ෂි අරන් එන්න කියනවා.. ඉතින් හන් දො ක්යොන්ග්ට වෙන්නෙ දෙපැත්තටම ඔත්තු කාරයෙක් වෙන්න..

මං කතාව නොකිය ඉන්නම්.. තේරෙනවනෙ මොකක්ද වෙන්න යන්නෙ කියල මෙතන.. අන්තිමේදී මේ සේරම එකට පැටලිලා මරා ගැනිල්ලක් තමයි තියෙන්නෙ.ඒ නිසා ලේ පෙරාගෙන කපා කොටා ගැනිලි හුඟක් තියෙනවා.මේ හේතුව සහ භාෂාව නිසා 18 ට වැඩි අය විතරක් බැලුවොත් තමයි හොඳ.බලල කියන්න කොහොමද කියලා..

ඒ වගේම මේකෙ සමහර වචන වැරදි නම් සමාවෙන්න.මොකද ඉංග්‍රීසි සබ් එකේ වැරදි ගොඩක් තිබුණා.. ඒත් කතාවට හානියක් නොවෙන්න මම සබ් එක කරා.

බුදු සරණයි!

NEW

 

Asura: The City of Madness (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Asura.The.City.of.Madness.2016.720p.HDRip.950MB.Ganool.fr

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>