ඔන්න එහෙනම් The New Batman Adventures සීරීස් එකේ දෙවනි එපියත් ගෙනාවා.අද කතාව විශේෂයි.මොකද අද තමයි කණ්ඩායමට අලුත් රොබින් නැත්නම් ටිම් ඩ්‍රේක් එකතු වෙන්නේ.හරි එහෙනම් අපි කතාවට හැරෙමුකෝ.
ස්ටීවන් ඩ්‍රේක් කියන්නේ මංකොල්ලකාරයෙක් වගේම හොරෙක්.මෙයා වැඩකරන්නේ ටූ ෆේස්ට.මෙයා දවසක් ටූ ෆේස්ගෙන් දෙයක් හොරකම් කරනවා.ඒක හොයන්න ටූ ෆේස්ගේ ගෝලයෝ ඩ්‍රේක්ගේ ගෙදරට එනවා.ඒත් ඩ්‍රේක් නම් ගෙදර නෑ.ඒත් ඒ වෙලාවේ ඩෝනට් හොරකමේ ගිය ටිම්ව( ස්ටීවන් ඩ්‍රේක්ගේ පුතාව) එයාලට අහුවෙනවා.පස්සේ එයාලා ටිම්ව පරීක්ෂා කරද්දී එයාලට ස්ටීවන් ලියපු ලියුමකුයි, යතුරකුයි හම්බෙනවා.පස්සේ මෙයාලා ටිම්ව මරන්න යද්දී බැට්මෑන් එතනට එනවා.එතනදී පිපිරීමක් සිදුවෙලා බැට්මෑන්ට තුවාල වෙනවා. පස්සේ ටිම් හා බැට්මෑන් වවුල් යාත්‍රාවෙන් වවුල් ගුහාවට එනවා.
ඔය ඇතිනේ කතාව කිව්වා.එහෙනම් ඔයාලම බලන්නකෝ. ඊළඟ එපියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.
41 downloads