මුලින්ම,ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ සැරෙත් ටිකක් පරක්කුයි. මොකද මම ගෙදරින් පිට ඉන්න නිසා සබ් එක ෆෝන් එකෙන් තමයි කෙටුවේ.වැඩිය හුරුත් නැහැ ඒ නිසා අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න ඕනේ.
ගිය සතියේ අන්තිම කොටසේ මතක ඇතිනේ නොර්මන් සෑම්ව මැරුවා කියලා පාපොච්චරණය.ඉතින් අද කොටසේදී නොර්මන්ව පොලිසි ස්ථානය අරගෙන ගිහින් ප්‍රශ්ණ කිරීම් කරනවා.මුලදී මේක නොර්මන් පිළිගන්නවා හැබැයි ඊටපස්සේ නොර්මන් මේක වෙන කෙනෙක්ගේ පිට ගහනවා.ඒවගේම ෂෙරිෆ් නොර්මන්ව හොයාගෙන එනවා. හැබැයි ඉතින් ෂෙරිෆ්ට නොර්මන්ව මරණ්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මොකද එයාව හිරේ දාලා නිසා.තව දෙයක් අද කතාවේදී ජීවිත හානියකුත් වෙනවා.එයා කතාමාලාවේ මුල ඉදන්ම හිටපු කෙනෙක්.එහෙනම් ඉතින් ඔයාලම කතාව බලලා දැනගන්න.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
34 downloads