Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hum Tum (2004) With Sinhala Subtitles |මමයි…. ඔයයි…. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද ඔයාලට. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ චිත්‍රපටියක් අරන් ආවා.මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නෙ 2004 වසරේ මැයි මස 28 වෙනිදා. ඒ වගේම මෙහි IMDb අගය 7.1 ක් වෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරල තියෙන්නෙ Mujhse Dosti Karoge!, Fanaa, Thoda Pyaar Thoda Magic, Teri Meri Kahaani වැනි ආදර කතා රැසකට වලට දායක උණු Kunal Kohli. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සයිෆ් සමග රානි මුකර්ජි. ඒ වගේම රිශි කපූරුත් මෙහි රංගනයෙන් දායක වෙනවා.මෙහි ඉතා ජනප්‍රිය උණු ලස්සනම ලස්සන සිංදු කිහිපයක් අන්තර්ගත වෙනවා. සංගීත අධ්‍යක්ෂණය කළේ Jatin-Lalit.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි. කරන් කියන්නෙ දකින දකින කෙල්ල පස්සෙන් යන ජීවිතේ කිසිම බලා පොරොත්තුවක් නැති කොල්ලෙක්.කරන් පත්තරේට කාටූන් එකක් අදිනවා. ඒ තමයි හම්-තුම්. ඒකෙ ඉන්නෙත් කරන් වගේම කොල්ලෙක් තමයි. දවසක් කරන් නිව්යෝර්ක් යද්දි ප්ලේන් එකේදි රියාව හම්බ වෙනවා. රියා කියන්නෙ එහෙම් පිටින්ම වෙනස් කෙල්ලෙක්. ඊට පස්සෙ නිතරම මේ දෙන්න මුන ගැහෙනවා. ඒ වගේම මේ දෙන්න මුන ගැහෙන හැම වෙලාවකදිම මොකක් හරි ජංජාලයක් වෙනවා.

එතනින් පස්සෙ මේ දෙන්නගෙ පිස්සු ආදර කතාව තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලා යන්නේ.  එහෙනම් කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න.

ඕන් අපි ගියා.

Hum Tum (2004) on IMDb

 

 

 

Hum Tum 2004 Hindi 720p BRRip x264 AAC 5.1…Hon3y

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>