ළඟ එන ශිෂ්‍යත්ව විභාගෙත් එක්ක චමල් මල්ලි කාර්යබහුල වෙච්ච හින්දා Blindspot ඊළඟ කොටස් ටික අපි කිහිප දෙනෙක්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැනටත් හොඳටම පරක්කු වෙලා තියෙන එකේ චමල් මල්ලිටත් ශිෂ්‍යත්වයෙන් ගොඩ ගිහින් හොඳ පාසලක් ලබාගන්නට හැකි වේවායි ප්‍රාර්ථනය කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු. 19 වෙනි කොටසේ ඉඳන් අපි සමගාමිව උපසිරැසිය දෙන්න බලාපොරොත්තු වෙනවා. අද හෙට දවස් ඇතුලත පරක්කු වෙච්ච කොටස් තුනම ඔයාලට එක දිගට බලාගන්න පුළුවන් වෙයි.
ඉතින් කලින් කොටස ඉවර උනේ ලොකු කුතුහලයක් ඉතුරු කරලනේ. නාස්ට කවුදෝ වාහනේ ඇතුලේ පහර දුන්නා. ඉතින් ඒ අපි දැක්කේ නාස් නෝනගේ අවසන් ජවනිකාවද? පැටර්සන් නම් දෙයියනේ කියලා බේරිලා ආවා. ඒ වාසනාව නාස්ටත් තියෙයිද? හැමෝටම එක එක විදිහේ ප්‍රශ්න. ජේන්ට එයාගේ අලුත් ආදරේ ගැන සැකයි. වෙන දේවල් හැටියට කාවවත් සැක නොකර බැහැ. අනිත් කෙනා රීඩ්. මිනිහගෙයි FBI එකෙයි සම්බන්ධෙටත් වැඩි ආයුෂ නැද්ද කොහේදෝ. වෙලර් කල්පනා කරන්නේ ෂෙපර්ඩ් තමන්ගේ හතුරා වෙලත් ඇයි තමන්ව බේරගන්න හදන්නේ කියලයි. මොක උනත්, මොන තරම් දේවල් කරත් ෂෙපර්ඩ් කවදත් හිටියේ ඉස්සරහින්. මොන ඇමක් දැම්මත් ඒ කිසිම එකකට එයාව නවත්තන්නත් බෑ වගේ. මොකක්ද මේකට හැබෑම හේතුව? අද දැනගන්න පුළුවන්.
එහෙනම් සමුගන්නවා. ඊළඟ කොටස රවිඳු මලයා අරන් ඒවි. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
202 downloads