Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hush (2016) with Sinhala Subtitles |සද්ද එපා ඝාතකයා එලියේ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Hush (2016)කොහොමද මිතුරනි. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම. පොඩි නිවාඩුවකින් පස්සෙ අලුත් අවුරුදු තෑග්ගත් අරං ඔන්න මම ආයෙත් උපසිරැසි නිර්මාණය කරන්න එක්වෙන්න හිතුවා බයිස්කෝප් ටීම් එකත් එක්ක. ගොඩක් අයටනං මාව මතකවත් නැතුව ඇති මේ වෙද්දි. නමුත් මම අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න හිතපු නිසා උපසිරැසි ගැන්වීමෙන් බැහැරව හිටියා. මේ අවුරුද්දෙත් කියන්න තරම් ලොකු නිදහසක් නෑ ඒ ලෙවල් එක්ක. නමුත් මේ අවුරුද්දෙ නිර්මාණ 03ක් වත් කරන්න ඕන කියන මතෙයි මම ඉන්නෙ. ඉතින් පුළුවන් උපරිමෙන්ම අධ්‍යාපනයේ වගේම උපසිරැසි ගැන්වීමෙත් නිරත වෙන්න තීරණය කලා.

ඉතින් අපි දැන් මේ චිත්‍රපටිය දිහාවට හැරෙමු. ඇත්තම කිව්වොත් මගේ විශේෂ ස්තූතිය බයිස්කෝප් ටීම් එකේ සමීර කරුණාරත්න, රොයිලි සහ හසන්ත සහ යන සහෝදරවරුන්ට මගේ ඉල්ලීම අනුව මෙම චිත්‍රපටය ලබාගන්න මට උපකාර කලාට.  මේ නිර්මාණය ගැන කිව්වොත් ඇත්තටම මේක ත්‍රාසජනක (Horror) ගණයේ නිර්මාණයක්. මයික් ෆලැනගන්ගේ අධ්‍යක්ෂණයෙන් ට්‍රෙවර් මේසි සහ ජේසන් බ්ලම් තමා නිෂ්පාදනය කරන්නේ. මිනිත්තු 81ක් පුරා දිවෙන මේ නිර්මාණයේ IMDB අගය 6.9ක් ලෙස සටහන් වෙලා තියෙනවා. 2016 අප්‍රේල් මස 8 වනදා මෙම නිර්මාණය තිරගත උණා.

ඇත්තටම මේ කථාවේ සීමිත චරිත සංඛ්‍යාවක් පමණයි ඉන්නේ. එයිනුත් සෘජුවම චරිත නිරූපණය කරන්නේ කථා නායිකා මැඩී, ඝාතකයා, ඇගේ අසල්වැසියා සේරා, සේරාගේ පෙම්වතා ජෝන් සහ ඔන්ලයින් වීඩියෝ සම්මන්ත්‍රණයකින් චරිත නිරූපණය කරන මැඩී ගේ සහෝදරී මැක්ස්. කථා නායිකා මැඩී ශ්‍රවණ කථන හැකියාව රහිත ලේඛීකාවක්. ඇත්තටම ඒක උපතින් උරුම දෙයක් නෙවේ. එයා ආවෘතිදාහක බැක්ටීරියාවක් ආසාදනය වෙලා අවෘතිදාහය (Meningitis) කියන රෝගයට ගොදුරු වෙලා වයස අවුරුදු 13දී ශ්‍රවණ සහ කථන හැකියාව අහිමි කරගන්නවා.  නමුත් කෙනෙක් කථාකරද්දි තොල් හැසිරවෙන ආකාරයෙන් එයා උච්චාරණය අදුනගන්නවා. එයා තනිවමයි ගෙදර ජීවත් වෙන්නේ. පොත් ලියලයි එයා සල්ලි හම්බ කරගන්නේ. අවාසනාවට එයාට හරියට කෑමක් වත් හදාගන්න බෑ බිහිරි බව නිසා. එයාට වෙන හැම කරදරයක්ම වෙන්නෙ ඒක නිසාම තමා. මැඩී ජීවත් වෙන පැත්ත ඇත්තටම පාලු පැත්තක්. කථාව බලද්දි ඔයාලට තේරෙයි. ඒත් එයාට ඕන කරන දේවල් එයාට තියෙනවා. සේරා නිතරම එයාව බලන්න ඇවිත් එයාගේ පාළුව මකනවා. දෙන්න හොදම යාලුවො වගේ. නමුත් හදිසියේම ඝාතකයෙක් එනවා. උම්මන්තකයෙක් වගේ මටනං දැනෙන්නේ. ඇත්තටම මේ චිත්‍රපටය බලද්දි මට නං හරියට කේන්ති ආවා ඝාතකයා එක්ක. ඒවගේම දුකක් ඇති උණා මැඩී එක්ක. මේ ඝාතකයා මැඩීව බලන්න ආපු සේරාව අමානුෂික විදිහට මරනවා. එයා බේර ගන්න කියලා උදව් ඉල්ලගෙන් ගෙදරම ආවත් බිහිරි නිසා කිසිම දෙයක් ඇහෙන්නෙ නැහැනේ. ගෙදර දොරකඩ ගාවම මරලා දානවා. පස්සේ මේ ඝාතකයා ගේ ඇතුලටත් එනවා. ඒත් මැඩී ඒ ගැන දන්නේ නෑ. ඝාතකයාගේ මීලග ගොදුර මැඩී. මැඩීට කුමක් වෙයිද?. සේරාව හොයාගෙන සේරාගේ පෙම්වතාත් එනවා එයාට මොනව වෙයිද? මේ අස්සේ ඝාතකයා ගෙදර විදුලි සැපයුමත් අත් හිටවනවා. වයි ෆයි බ්ලොක් කරනවා. මැඩීට කිසිම දෙයක් කරගන්න බෑ. හදිසි අනතුරු අංශයට දැනුම් දෙන්නත් බෑ කථා කරන්න බැරි නිසා. අනික ඝාතකයා උම්මන්තකයෙක් උණාට මොලකාරයෙක්. මැඩී බේරෙන්න දරන හැම උත්සාහයක්ම පොර ව්‍යවර්ථ කරනවා. නමුත් මැඩීත් ඒසේ මෙසේ කෙල්ලක් නෙවෙයි. එයා එයාගේ මොලේ පාවිච්චි කරනවා. ඇත්තටම ඒක හුගක් ආදර්ශවත්.

ඉතිං මම කියන්නේ මෙච්චරයි. නොකිව් දේ ගොඩක් තියෙනවා. එක් රැයක සිදුවීමක් තමා කථාවට ගොඩ නගල තියෙන්නේ. ඉතිං ආරාධනා කරනවා බලන්න කියලා ඒ වගේම මේක අත්දැකීමක් කරගන්න කියලා. ඒ වගේම අවධානය කියන එක කොච්චර වැදගත්ද කියලා මේ නිර්මාණයෙන් මොනවට පෙන්වනවා. එහෙනං ලමයිනේ මම යනවා. තවත් හොරර් එකක් අරගෙන එනකං ජයවේවා!

Batman & Mr. Freeze: SubZero (1998) on IMDb

 

 

1.35 MG (HD) කොපිය මෙතනින් බාගන්න

AEFCB38BE90FF63561BE76A411924F4CC44B5CE9
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>