ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයි නේද දෙවැනි කොටස අවසන් වුණ හැටි? ඒ කොටසේදී කි සංග් ජේ කියලා අලුත් සේවකයෙක් හා නා ගේ ආයතනයට ආවා. මතක් කරලා බැලුවහම හා නාට එයාව කළින් මුණගැහිලාත් තියනවා. ඒ දෙන්නා අතරෙත් රසවත් සිදුවීම් වුණානේ නේද? ඒ වගේම හා නා, චෝයි වොන් අහඹු හමුවීමකට ගිහින් අන්තිමේදී ඒ දෙන්නටම අහඹු හමුවීමට එකට යන්න වුණා. කි සංග් ජේ, හා නාත් එක්ක වැඩ ඉවර වෙලා ගෙදර එද්දී චෝයි වොන් හමුවෙනවා. ඊට පස්සේ හා නා සහ චෝයි වොන් ඒ දෙන්නගේ රහස් තැනට යනවා. එතැනදී හා නා සංග් ජේ එක්ක වුණ දේවල් චෝයි වොන්ට කියනවා. ඒවා තමයි ඒ කොටසේ වුණ වැදගත් සිදුවීම්.
හා නාගෙ යාළුවා කන්ග් නා යන්ග්ත් චෝයි වොන්ට කැමතියි. ඉතින් හා නාත් එක්ක චෝයි වොන් අහඹු හමුවීමකට ගිහාම එයාට තරහ යනවා. ඉතින් එයා හා නාවයි චෝයි වොන්වයි පල්ලියට ඉස්සරහට ගෙන්වාගෙන ප්‍රශ්න අහනවා. කොහොමහරි ඒ දේවල් සමථයකට පත් වෙනවා. ඒ ඉස්සරදි වුණ සිදුවීමක්නේ. ඊට පස්සේ මේ කාලේදී හා නා චෝයි වොන් එක්ක රෑ කෑමක් ගන්න යනවා. ඔයාලා දන්නවනේ සෝ යුන් කියන ගැහැණු ළමයත් චෝයි වොන්ට කැමතියි කියලා. ඉතින් එයත් බලෙන්ම මේ දෙන්නත් එක්ක කෑමට එනවා. එයා හිටියත් චෝයි වොන් හා නා ගැන තමයි ගොඩක් බලන්නේ. ඉතින් ඒකට සෝ යුන් කැමති නැහැ. ඒ නිසා එයා ගොඩක් බොනවා. ඊට පස්සේ එයාව ගෙදර දාන්න යන්නෙත් චෝයි වොන්. හා නා, සංග් ජේට එන්න කියනවා. ඒ වගේම මේ කොටසේදී තවත් ඔයාලා හිතුවේ නැති දේවලුත් වෙනවා.
ඉතින් මම හිතන්නේ ඉතුරු කොටස ඔයාලම බලලා රසවිඳින්න.
එහෙනම් 4 වෙනි කොටසින් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E03.150704.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
14 downloads