9 වෙනි කොටස මතක් කළොත්, චෝයි වොන්, හා නා ගාවින් හොඳම යාළුවා විදිහට හැමදාමත් ඉන්න පොරොන්දු වෙනවා. ඒ වගේම එයා හා නාට තියන කැමැත්ත නොපෙන්වා ඉන්නත් උත්සහ කරනවා. හා නා දැන් චා සෝ හූට ටිකක් කැමතියි. චා සෝ හූ හැමවෙලේම හා නාව සතුටින් තියන්නත් එයා වෙනුවෙන් වෙලාව වෙන් කරන්නත් උත්සහ කරනවා. ඒ වගේම හා නා එයාගේ පාසල් යන කාලේ යාළුවො වුණු ජොන්ග් මි සහ චන්ග් සෝ ගේ වෙඩින් එකට යනවා. ඒ වෙලාවේ ඒ දෙන්නා පොරොන්දු දෙන විදිහ පුහුණු වෙනවා. කන්ග් නා යන්ග් ඒක වීඩියෝ කරනවා. ඉතින් කාලෙකට පස්සේ යාළුවො හම්බවෙලා. ඒත් වොන් එන්න පරක්කු වෙනවා. හා නා කෝල් එකක් ගන්න යද්දීම වොන් එනවා. එතන තමයි ඒ කොටසේ අවසානය.
වොන් එන්නෙත් මාසෙකට පස්සේ නිසා වගේම කට්ටිය එකතු වුණේ එදා වගේම එදා විවාහ උත්සවයක් නිසාත් ඒ කට්ටිය පොඩි සාදයක් පවත්වනවා. ඒ වෙලාවේදී කන්ග් නා යන්ග් (ඔයාලාට මතකයිනේ පොඩි කාලේ වොන්ට කැමැති වෙලා හිටපු හා නාගෙ හොඳම යාළුවා) ඇත්තටම වොන් මාසයක නිවාඩුවක් ගත්ත හේතුව අහනවා. ඒත් වොන් කියන්නේ ඒ එයාට පොඩි විවේකයක් ඕනේ නිසා කියලා. ඒ වගේම වොන් එයාලගේ එයාර්ලයින් එකේ හොඳම ගුවන් සහායකයාට තේරී පත්වෙනවා. ඒ නිසා එයා ආයතනයේ ප්‍රධාන ලිපියේ මුල් පිටුවට වැටෙනවා. හා නා දැන් චා සෝ හූට කැමති නිසා වෙනදා තරම්ම වොන් හා නාව දැන් හම්බවෙන්නේ නැහැ. ඉතින් ඔයාලාම ඉදිරියටම බලාගෙන යන්න.
එහෙනම් යාළුවනේ අනිත් කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E10.150726.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
58 downloads