මුලින්ම මං ස්තුති කරනවා, මගේ පළවෙනි උපසිරැසියට ලබා දුන් ප්‍රතිචාර වලට. දැන් වෙලාව පාන්දර 00.27යි. අද 2017-04-30. දැන් බලද්දි 845 දෙනෙක් මං කරපු මුල්ම sub එක download කරලා තියනවා. ඒ ඉලක්කම වැඩි වෙද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. දැන් තමයි මේ සබ් එක කරලා ඉවර උනේ. සමාන්‍යයෙන් මං වැඩ කරන්නේ ටිකක් හෙමින්.
හැමෝටම මතක ඇති සමුදුරේ ආදර අන්දරය, එහෙම නැත්නම් Titanic, ඒකේ හිටපු කපල් එක, Kate Winslet සහ Leonardo DiCaprio කියන්නේ තමං කරන චරිතෙට උපරිම සාධාරණයක් කරණ නළු නිළි යුවලක් කිව්වොත් මං හරි. මං බලපු The Reader (Kate Winslet), Blood Diamond, Inception, Shutter Island(Leonardo DiCaprio) වගේ ෆිල්ම් වල ඒ දෙන්නගේ රංගනයන් අති සාර්තකයි කියලා මං හිතනවා. මේ ජෝඩුව ආයේ හමුවෙනවා 2008 දී, Revolutionary Road එකේ. මේක සුන්දර ආදර කථාවක් නෙවෙයි. ඇත්තටම පවුලක ජීවත් වෙද්දි ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන යථාර්තවාදීව හදපු කථාවක්. සැමියගෙ වගේම බිරිඳගේ අසම්මත ආදරයන්, එකිනෙකාව නුරුස්නා ගතිය, එකිනෙකාව නිවැරදිව තේරුම් නොගැනීම වගේ ගොඩක් පවුල් ප්‍රශ්න මේ කථාව ඇතුලේ සාකච්ඡා කරනවා.
දරුවෙක් කියන්නේ පවුලක වාසනාවට ලැබෙන දෙයක්, කියලා පරණ කාලේ මිනිස්සු කියනවා. ඒ දරුවව ආදරෙන් ඇති දැඩි කරන එක දෙමව්පියන්ගේ වගකීම. ඒ වගේම, ඒ දරුව මේ ලෝකෙට එන්නේ ඒ දරුවගේ ඕන කමට නෙවෙයි. අම්මගෙයි තාත්තගෙයි උවමනාවට. ඒ නිසා දරුවෙක් කියන්නේ දෙමව්පියන්ගේ වගකීමක්. ඒ දේ විනාස කරන්න තරම් හිතක් හයිය වෙන්නේ කොහොම ද කියලා මට හිතා ගන්න බෑ. ඒ තමන්ගේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. මේ ලෝකේ එළිය දැක්කා හෝ නො දැක්කා, ගබ්සාවක් කියන්නේ මිනීමැරුමක් කියලයි මට හිතෙන්නේ. ඒ මගේ පුද්ගලික මතය. මං මොකද මේ ගබ්සාවක් ගැන කියන්නේ කියලා තේරෙයි, මේ චිත්‍රපටිය බැලුවම. ඊට වඩා මං මේ චිත්‍රපටිය ගැන කියන්න යන්නේ නෑ.
මේ ෆිල්ම් එක IMDB එකේ 7.3ක් වගේ අගයක් තමයි අරන් තියෙන්නේ. ෆිල්ම් එකේ හැටියට ඒ මදිත් නෑ කියල මට හිතෙනවා. අනිත් අයගේ ප්‍රශ්න තමන්ගේ පවුල ඇතුලට නොගෙන, තම තමන්ගේ පවුල් ජීවිත ලස්සන කරගන්න හැමෝටම වාසනාව වගේම ආත්ම විශ්වාසයත් ඇති වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Revolutionary.Road.2008.BRRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
76 downloads