Image may be NSFW.
Clik here to view.ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු නව වන උපසිරැසිය අරගෙන ආවේ ඔන්න. ඉතින් මම කලින් කිව්වා වගේම කඳු නැගීම ගැන කියවෙන චිත්‍රපටයක් මේක. IMDb අගය 5.9 අරගෙන තියන මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිති වෙනවා. ඔයාලට මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන K2 කියන කන්ද හිමාල කඳු පන්තියේ තියන නගින්න අමාරුම කන්දක් කිව්වොත් හරි. වසරකට මරණ බොහෝ ප්‍රමාණයක් වාර්තා වෙන මේ කන්දේ 2008 දී මෙම චිත්‍රපටයේ සිදුවන සිද්දියට සමාන සිද්දියක් වීමෙන් එකවර එකොලොස් දෙනෙක් මරණයට පත්වීමක් වූ බව මතක් කරන්න කැමතියි.
මේකේ කතාව ගොඩක් සංවේදියි, කඳු නගින පවුලක වටා තමා කතාව ගොඩ නැගෙන්නේ. එක්තරා කඳු නැගීමක් අවස්ථාවේදී දරුවන් දෙදෙනෙක් ඉස්සරහා තම පියා මිය යනවා. ඒ සිද්දියත් සමග කඳු නැගීමෙන් ඉවත්වෙලා ඉන්න තරුණයෙක්ට තම නංගි K2 කන්දේ හිරවීම නිසා එයින් ඇය ගලවා ගැනීමට කරන උත්සාහය තමා මේ චිත්‍රපටයේ පෙන්නන්නේ. ඔයාලට චිත්‍රපටය බලලා රසවිඳින්න කියනවා එහෙනම්.
ඉතින් මම ඊළඟට අරන් එන්නේ අලුත්ම අලුත් චිත්‍රපටයක්. සුපිරි වීරයෝ ටිකක් ඉන්න එකක්. ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්නම් කියන ගමන් සමුගන්නම්.
බුදු සරණයි..
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Due to copyright issues, we do not provide any torrent links.
Vertical.Limit.2000.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.