Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Power Rangers (2017) with Sinhala Subtitles |පහේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ] (100)

$
0
0

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඉතින් මෙන්න සියවන පාරටත් මම ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. හරියටම මිට වර්ෂයකට කලින් ඒ කියන්නේ දෙදහස් දහසයේ මැයි දහවෙනි දින Tremors (1990) චිත්‍රපටයෙන් ආරම්භ කර  චිත්‍රපටම සියයකට උපසිරසි ඔයාලට අරගෙන ඇවිත් තියනවා. පළමු චිත්‍රපට පනහ මාස තුනක් වැනි කාලකින් දුන්නත් මෙම ඊළඟ චිත්‍රපට පනහට මාස නවයක් ගතවුනා විවිධ හේතු හින්ද. එත් කොහොමහරි අවුරුද්ද පිරෙන දිනයේම සියවෙනි උපසිරැසිය ඔයාලට ගේන්න මම ගත්ත උත්සාහය අවසානයේ සාර්ථක උනා.  මෙම දෙවන චිත්‍රපට පනහ තුල Star Track , Dracula වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවන් වගේම බයිස්කෝප් වෙබ් අඩවියට පැමිණෙන්න පෙර සිටම එකක් හෝ උපසිරසි කරනවා යැයි සිතා සිටි වුල්වරින් හෙවත් ලෝගන් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටයත් ඇතුලත්.

සැබවින්ම මෙම පසුගිය අවුරුද්දක කාලයේ මම හිතන්නේ මා විසින් කල යුතුයි යැයි සිතු නොසිතු සියල්ල කිරීමට හැකියාව ලැබුනා. ලංකාවේ එක කොනකින් පැමිණ සබ් එකක් දෙකක් දෙනවා කියල ආසාවට එකතු වෙච්ච මම අවුරුද්දක් ඇතුලත සියලුම ඇඩ්මින් සහෝදරයන් සහ එකම ඇඩ්මින්වරිය හොඳින් දැන හඳුනා ගැනීමට මෙන්ම බයිස්කෝප් වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසිර සහෝදරයා සමග පවා කතා බස් කිරීමට හැකියාව ලැබීම පුද්ගලිකව ලැබූ ජයක් විදියට සලකනවා. එත් එක්කම මගේ ජිවිතයේ වීරයා මෙන්ම අනුගමනය කරනා චරිතයේ අවසන් චිත්‍රපටය වෙනුවෙන් උපසිරසි නිර්මාණය කිරීමට ලැබීම එම නොමියෙන චරිතය සමග මගේ නම සදාකාලයටම එකතු කිරීමක් ලෙස සලකන්න පුළුවන්.  ඒවගේම ලොව ප්‍රකට බොහෝ පැරණි චිත්‍රපටවල සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට හැකිවීම මම කිසිදින නොසිතු දෙයක්. ආසාවෙන් පොත්වලින් බැලු බොහෝ විද්‍යා ප්‍රබන්ධ ඊට ඇතුලත්. සරලවම කියනවා නම් බයිස්කෝප් වෙබ් අඩවියට එකතුව ගත කරන ලද මගේ ජිවිතයේ පසුගිය අවුරුද්ද අතිශයෙන්ම සතුටෙන් ගත කරා කිව්වොත් නිවැරදියි.

සමාජ ජාල බාවිතයක් නැති හින්ද අඳුනාගෙන තිබෙන පිරිස බොහොම සුළු ප්‍රමාණයක් උනත් මෙම කාලයේ මා හට උදව් කර කිහිප දෙනෙක් ගැන මතක් කරන්න කැමතියි. පළමු ස්තුතිය යන්න ඕන මගේ බිරිඳට. මොකද අවුරුද්දක් වයස වෙන මගේ දුව සමග සිටිමින් නිවසේ ගත කරන ඉතා කෙටි කාලයෙනුත් වැඩි පැය ගානක් බයිස්කෝප් වෙබ් අඩවිය සමග ගත කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්දයෙන්. ඊට පසුව බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් සහෝදරයන්ට ස්තුති වන්ත වෙන්න ඕන, චිත්‍රපට වෙන්කරගනිමේදී අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්දයෙන්. දැන් විශ්‍රාම සුවයෙන් පසු උනත් සමීර කරුණාරත්න සහෝදරයා තමා මුල් කාලයේ මා උපසිරසි කරන ලද බොහෝ චිත්‍රපට වෙන්කරලා දුන්නේ. කොටින්ම ඔහු තමා මාස තුනෙන් චිත්‍රපට පනහක් කරමු යන සංකල්පය ඇති කර මෙතරම් දුර පැමිණීමට මා පෙළඹවීම සිදු කරේ. ඊළඟට සමන් ප්‍රසාද් සහෝදරයා ඒ කාර්යය සිදුකරා. හසන්ත සහෝදරයා හින්ද තමා ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව මෙන්ම ලෝගන් චිත්‍රපටය මට ලබා ගැනීමට හැකිඋනේ. ඉතින් මේ තුන්දෙනාට මම පළමුව ස්තුති වන්ත වෙන්න ඕන. ඊළඟට රොයිලි සහෝදරයා. ශාන් විමුක්ති, ආසිරි, යශෝද , චින්තක යන ඇඩ්මින් සහෝදරවරු සහ නිර්මාණි විජේසිංහ ඇඩ්මින්වරිය ට ස්තුතිය පලකරන්න කැමතියි.ඒ වගේම චිත්‍රපට වෙනුවෙන් චායාරුප නිර්මාණය කරදෙන නලින් සහෝදරයා, සඳුන් දනුෂ්ක මෙන්ම ඉමේෂ් නොහොත් නයි මල්ලිත්, බයිස්කෝප් වෙබ් අඩවියේ ස්ටුඩියෝ එකට අලුතෙන්ම සම්බන්ද වෙච්ච ලශේන් නැතිනම් ඔයාල දන්නා එල් සි ද මැල් මලයා ට ස්තුති කරන්න ඕන.

ඊළඟට ස්තුති කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. එයාල තමා මගේ උපසිරසි වලට කමෙන්ට් දාන යාළුවන් ටික. ඒ අතරේ ඉශාන් මදුශ , වෙබ් බුවා, අසිත, මිතුන්, ප්‍රියන්ත දයාකිරිති, කුලංජන මනතුංග මට මතක් කරන්න පුළුවන්. මොකද මෙයාල ගේ විවේචන සහ දිරිමත් කිරීම් තමා පැය ගානක් මහන්සිවෙලා උපසිරසි කිරීමෙන් අපට ලැබෙන්නේ. මම පුද්ගලිකව ස්තුති කරන්න මේ කිහිප දෙනාට මොකද මම ඔයාලට උපසිරසි ගෙනාව සහ ගේන්න ඉන්න සමහර චිත්‍රපට මතක් කරදීම සම්බන්දයෙන්. මේ ගමන්ම මම උපසිරසි ගන්නා ඔයාල ඔක්කොටම දෙයක් කියන්න කැමතියි. මම දැක්ක දෙයක් තමා උපසිරසියක් පරක්කු උනොත් නැතිනම් වැරදුනොත් ඔයාලගේ බැනුම් නම් නොවඩුව උපසිරසි කරුවට ලැබෙනවා. එත් අනිත්වෙලාවට ස්තුතියි වචනය වත් ඔයාල කියන්නේ නැ. මම ඔයාලට යෝජනා කරන්නේ ස්තුතියි කියලවත් කමෙන්ට් එකක් දාන්න කියලයි. මම දන්නා පරිදි බොහෝ උපසිරසි කරුවන් උපසිරසි කරණයෙන් වැළකිලා ඉන්නේ මෙම ඔයාලගෙන් ලැබෙන සහයෝගය නොමැති කම හින්ද. සිංහල ටයිප් කරන්න අපහසු අයට බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසිය රේටින් කිරීමේ පහසුකම ඇතිකරලා තියනවා. එක මවුස් ක්ලික් එකකින් ඒක කරන්න පුළුවන්. ඉතින් අඩුගානේ එහෙම වත් උපසිරසි කරුවා උනන්දු කරන්න මම ඔයාලට කියනවා. මේ මම කිව්ව යාලුවන්ට අමතරව මට අමතක වෙච්ච අය ඉන්නවා නම් සමාවෙන්න කියලත් කියන්න ඕන.

දැන් චිත්‍රපටය ගැන කතා කරමු. මේ චිත්‍රපටයෙත් නිල හිමිකම නොහොත් වෙන් කරගෙන තිබුනේ හසන්ත සහෝදරයා. එත් මේ ලඟකදී ඉඳල එයා ටිකක් අලස ස්වරුපයෙන් ඉන්නේ. ගොඩක් චිත්‍රපට ලොබ කමක් නැතුව බෙදල දෙනවා. ඉතින් අලුත් චිත්‍රපටයකින් සියවන උපසිරැසිය කරන්න අදහසක් නොතිබ්බ මට එයා තමා මේ චිත්‍රපටය දුන්නේ. ඉතින් ළමා කාලයේ කාටුන් එකකින් බලල තිබ්බ මේ කතාව හා සම්බන්ද චිත්‍රපටය දෙන්නද ඇහුවම මම එක පයින් කැමති උනා. ඉතින් පිටසක්වල ජීවින් සහ සුපිරි වීරයන් සම්බන්ද මේ චිත්‍රපටයට මම උපසිරසි අරගෙන එන්නේ ඒ හේතුවෙන්. පෘතුවියේ මුල්ම කාලයේ ඇදවැටුණු පිටසක්වල යානයක් සොයා ගන්නා ටිකක් විතර නාහෙට අහන්නේ නැති යහළුවන් ටිකක් වටේ තමා කතාව ගොඩ නැගෙන්නේ. ලැබෙන සුපිරි බලයෙන් එයාලගේ ජිවිත වෙනස් වෙනවා වගේම ලෝකයේ විනාශය නැවත්වීමට ගන්නා උත්සාහයන් මේ චිත්‍රපටයේ ඔයාලට බලන්න පුළුවන්. මාවල් හෝ ඩිසි නොවන මෙම සුපිරි වීරයන් රැගත් චිත්‍රපටය රසවිඳින්න කියල කියනවා.

මම මිට කලින් රුපවාහිනී කතාමාලා ඔයාලට දීල නැ. මොකද මට ඕන උනේ උපසිරසි සියයක් චිත්‍රපට වලින්ම කරන්න. මම දන්නේ නැ මිට කලින් කවුරුවත් චිත්‍රපට වලින්ම උපසිරසි සියය සම්පුර්ණ කරාද කියල. කොහොම හරි මම ඒ ඉලක්කය සම්පුර්ණ කර ගත්ත හින්ද ඊළඟට ඔයාලට රුපවාහිනී කතා මාලාවක් අරගෙන එන්න සුදානම් වෙනවා. මමත් බොහෝ කැමති එම කතා මාලාව ඔයාලට අරගෙන එන ගමන් චිත්‍රපටත් ඔයාලට අරගෙන එනවා කියල මතක් කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි…

පසු සටහන
මෙම උපසිරැසිය නිර්මාණය කරන්නේ කැමරා කොපියකට කියල කියන්න කැමතියි. ඒත් හොඳ කොපියක් ආව ගමන් යාවත්කාලින කරනවා කියල කියනවා.

Power Rangers (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Power.Rangers.2017.HDTS.600MB.ShAaNiG
Power.Rangers.2017.720P.HDTS-x264-AAC-Zi$t-WWRG
Power.Rangers.2017.HDTS.x264.AC3-CPG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>