Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Scorpion [S03 : E23] with Sinhala Subtitles |මගුල් දවසෙත් වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මේ අරගෙන එන්නේ ස්ක්‍රෝපියන් කතාමාලාවේ විසිතුන්වන කොටසයි.වෙනදා වගේම පරක්කුයි දැනටමත් ගොඩක් කට්ටිය අවුලෙන් ඇත්තේ.ඇත්තටම කිව්වොත් මම නෙමෙයි මේ කොටස කරන්න හිටියේ දේවක අයියා එයාට සුපුරුදු පරිදිම වැඩ ගොඩ ගැහිලා ඉතින් මගෙන් ඇහුවා කරලා දෙන්න පුළුවන්ද කියලා.ඉතින් බැහැ කියන්නත් බැරි නිසා මමම බාරගත්තා.පරක්කු වුණේ මම ඒ දවස් වලදී 13 Reason Why කතාමාලාවේ සබ් කරේ.ඉතින් මේක කරන්න කලින් බාරගත්ත එක අහවරයක් කරන්න එපැයි.ඉතින් ඒක කරලා තමයි මේකේ වැඩ පටන්ගත්තේ.කට්ටියම දන්නවා ඇතිනේ මේක ටිකක් විද්‍යාත්මක පැත්තෙන් බරයි කියලා.ඉතින් මේක හිමින් සීරුවේ වෙලාව අරගෙනම කළා.අනිත් කොටසත් ඉක්මණින්ම දෙන්නම්.කට්ටියනම් විසිදෙවැනි එපියේදී දැන් නැද්ද කිය කිය කමෙන්ට් දාලා තිබුණා. හැබැයි ඉතින් සබ් එක දුන්නට පස්සේ උපසිරැසය හොදයිද නැද්ද කියලා කියන්නවත් කමෙන්ට් එකක්වත් නැහැ .

අද කොටසේදී කණ්ඩායමකට මගුල් අස්සේ තමයි වැඩක් හම්බවෙන්නේ.වයෝමින්ග් කියන්නේ ඉතා පුංචි රටක්.මේ රටේ ගල්අගුරු කර්මාන්තයට ඉල්ලමක් තියෙනවා. අහම්බෙන් වගේ මේකට අකුණක් වැදිලා පොළව අභ්‍යන්තරයෙන් ගින්නක් හටගන්නවා.ඉතින් මේ ගින්න නිවලා දාන එක තමයි විශේෂත්වය.හැමදාමත් වගේ  මොළකාරයෝ ටික මේ කෙස් එකක් විසදලා දානවා.හැබැයි මෙයාලට මේ කෙස් එකට වැඩි වෙලාවක් ගත වුණු නිසා හැපිගේ විවාග උත්සවයට යන්න පරක්කු වෙනවා. ඊටපස්සේ මෙයාලට විවාහය තියන්න තැනකුත් නැති වෙනවා.හැබැයි පේජ් මේක වෙයි කියලා දැනගෙනම ඊට කලින් විවාහය තියන්න ලෑස්ති කරනවා. තව දෙයක් අද වෝල්ටර් අවුරුදු දෙකක් පුරාවට හිතේ හංගගෙන හිටපු දෙයක් කෙනෙක්ට කියනවා.හැබැයි ඉතින් හැමදේම හොදින් සිද්ධ වුණාට පස්සේ අන්තිමේදී මෙයාලට මාර අකරතැබ්බයක් තමයි සිද්ධ වෙන්නේ.ඒක කියන්න යන්නේ නැහැ එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E23.HDTV.x264-SVA

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>