Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Mune: Guardian of the Moon (2014) With sinhala subtitles |නව ආරක්ෂකයින්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Mune-Guardian-of-the-Moon-(2014)

කොහොමද යාලුවනේ අලුත් අවුරුද්දකුත් ලබලා තියෙන වෙලේ ඔන්න මාත් ඔයාලට තෑගී ගෙනාව. මේක ඉතින් ඇනිමේෂන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ සදහන් වෙන්නේ ලෝකයට හිරු සහ සදු ලැබුන හැටි.

අතීතයේදී මිහිපිට ආලෝකය තිබිලා නැහැ. දවසක් ශක්තිසම්පන්න පුද්ගලයෙක් ඉරට විදලා ඒක ඇදලා ගන්නවා පොලවට. ඔහු එදා පටන් හිරුගේ ආරක්ෂකයා වෙනවා. එම සිදුවීමත් සමගම ලෝකයේ සෘතු විපර්යාස මෙන්ම භවභෝග හටගන්නවා. ඊටපස්සේ තවත් කෙනෙක් සිහින ලෝකයට ගිහින් හද සහ සිහින මේ ලෝකයට රැගෙන එනවා. ඔහු තමා සදුගේ පළමු ආරක්ෂකයා වෙන්නේ. ඉතින් එදා පටන් විවිධ ආරක්ෂකයින් විසින් රාත්‍රිය සහ දහවල සමසමව ලෝකයට ලබාදෙනවා.

ඒත් මේ සියල්ලම වෙනස් වෙන්නේ අලුත් ආරක්ෂකයන් දෙදනෙකු පත්වුනාම. ඒ තමා සොහෝන් සහ මියුන්. සොහෝන් හිරුගේ ආරක්ෂකයා ලෙසත් මියුන් සදුගේ ආරක්ෂකයා ලෙසත් පත්වෙනවා. ඉතින් මේ වෙලාවේ පාතාල ලෝකයට වෙලා සියවස් ගණනාවක් ඉර හොරකම් කරන්න බලාගෙන හිටපු නෙක්රෝස් කියලා දුෂ්ටයෙක් ඒ වැඩේ කරගන්නවා. කට්ටිය දන්නවනේ ඉරේ ආලෝකය නැතුව හදෙනුත් වැඩක් නැතිබව. ඉතින් මේ නිසා සොහෝන්, මියුන් දෙන්නා ග්ලිම් (ග්ලිම් කවුද කියලා කතාව බලලම දැනගන්න) එක්ක යනවා ඉර නැවත ලබාගැනීමේ මෙහෙයුමට. ඒ කියන්නේ පාතාල ලෝකයට.

ඉතින් දුෂ්ට නෙක්රෝස්ව පරාජය කළා ඔවුන් යලි ඉර ලබාගනිවිද කියලා කට්ටිය බලලම දැනගන්නකො. එහෙමනම් මම සමුගන්නවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

Bridge of Spies (2015)

Mune: Guardian of the Moon (2014) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

304 MB (BDRIP.X265) කොපිය මෙතනින් බාගන්න

354AA1E910AC679A57A9F06BDA4454B9A37821FE

637 MB (BDRIP.X264) කොපිය මෙතනින් බාගන්න

751E54B51E0D65FFAAEB015285F9F4CD3B911EFB
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>