Scooby Doo ඉවර වුනාට පස්සේ තවත් ඇනිමේෂන් එකක් හම්බුනා.මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි.මේ ෆිල්ම් එකෙ lines ලොකු ගානක් නොතිබුනත්, මේ සබ් එකේ වැඩ ඉවර කරන එක එච්චර ලේසි වුනේ නෑ.මේකේ හොඳ English සබ් එකක්නම් මට හම්බුනේ නෑ. ගත්තු ඔක්කොම එකයි. ඔක්කොම වගේ වැරදි. ඒ මදිවට තැන් දෙක තුනක ඇරෙන්න අනිත් හැම තැනකම තිබ්බ timeline වැරදි. ඉතින් ඒ ඔක්කොම එකිනෙක හදල තමයි මේක අද ඔයාලට ගෙනාවේ.
කතාව ගැන කියනවනම් මේක හැදිලා තියන්නේ හා පවුලක් වටා. හා පැටියයි (ජෝනා) අම්මයි තාත්තයි. කතාව පටන්ගද්දී අම්මා ටිකක් අසනීපෙන් ඉන්නවා පෙන්නනවා. ඔහොම ඉද්දි හා අම්මව පියාඹන රජතුමා කියල කෙනෙක් අරන් යනවා.ඉතින් ජෝනායි තාත්තයි ඉතුරු වෙන්නේ. එයාල එතනින් පස්සේ ජීවත් වෙන්නේ වතුරේ තියන නැවක.ජෝනා අම්මව අත ඇරලා නෑ. එයාගේ අධිෂ්ටානය අම්මව හොයාගන කොහොමාරි ආයේ ගේන්න. එයා හැමදාම අම්මට ලියුම් ලියල බෝතලේක දාල පා කරලා අරිනවා අම්මට හම්බෙන්න කියල ප්‍රර්ථනා කරලා. දවසක් තාත්තා නැති වෙලාවක ජෝනා නැව අරන් යනවා පියාඹන රජතුමා හොයාගෙන. මෙයා අම්මව හොයාගන යන ගමන එච්චර ලේසි එකක් නෙවෙයි. එත් එයා උත්සාහය අත අරින්නේ නෑ.ඒ වගේම පියාඹන රජතුමාගේ රාජධානිය කියන්නේ අපි හිතනවා වගේ තැනකුත් නෙවෙයි.
ජෝනාට අම්මව හම්බෙයිද? මොකද්ද මේ පියාඹන රජතුමාගේ රාජධානිය. ඔයාල බලන්නකෝ
565 downloads