Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Stratton (2017) with Sinhala Subtitles |මාරාන්තික සීල් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

දෙවැනි ලෝක යුද්ධ සමයේදී, මහා බ්‍රිතාන්‍යය විසින් ඔවුන්ගේ වඩාත්ම රහසිගත සහ අතිශය භයානක මෙහෙයුම් සඳහා, නාවික හමුදාවේද සහාය සහිතව විශේෂ ඒකකයක් ස්ථාපනය කරනු ලැබුවා. විශේෂ බෝට්ටු සේවය යන නාමයෙන් හඳුන්වනු ලබන මෙම ඒකකය, MI6 ඒකකය සමගින් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කළ අතර, පසුකාලීනව ඇමරිකානු හමුදා නාවුක සීල ඒකකය සඳහාද පදනම වූයේ මෙම ඒකකයයි. නොපසුබට වීර්‍යය, දැඩි ආත්ම ශක්තිය, උසස් පුහුණුව ලත් හමුදා සීල් භටයින්ගෙන් සැදුම්ලත් මෙම බ්‍රිතාන්‍ය නාවුක සීල් ඒකකය, සතුරු උවදුරු වලින් තම රාජ්‍යය ආරක්ෂා කිරීමට පෙරමුණ ගනු ලැබුවේ, වතාවක් දෙවතාවක් නම් නොවෙයි.

එක්තරා වැදගත් මෙහෙයුමක්… මනා ලෙස සංවිධානය කරන ලද පෙර සැලසුම්… සියල්ල නිසි පරිදි සිදුවෙනවා. නමුත්, අවසානයේ නොසිතූ දෙයක්ම සිදුවෙනවා. අවසානයේ එක් සීල් බටයෙකු හට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවෙනවා. අවසානයේ ප්‍රත්‍යක්ෂය වෙනවා, මෙම සිදුවීම පිටුපස පාවාදීමක් සිදුවී ඇති බවට. එමෙන්ම, මෙම සිදුවීමේ මහ මොළකරුවා වන්නේ, මීට වසර විස්සකට පෙර මියගියා යැයි සඳහන්ව ඇති යුරෝපය පුරාවටම දරුණු අපරාධ ගණනාවක් සඳහා වරදකරු වන, රුසියානු රහසිගත නියෝජිතයෙකු වන බවට. ඔහුගේ සැබෑ අරමුණ කුමක්ද? සියල්ල ඔබට බාරයි.

Action, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, මහා බ්‍රිතාන්‍යය විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, Wonder Woman සහ Justice League යන චිත්‍රපට තුලින් ඉදිරියේදී ඔබ හමුවට පැමිණෙන Connie Nielsen, Fantastic Beasts and Where to Find Them සහ Transformers: The Last Knight යන චිත්‍රපට සඳහා රංගන දායකත්වය ලබාදෙන Gemma Chan, ෆ්ලෑෂ් රූපවාහිණි කතා මාලාවේ ජුලියන් ඇල්බර්ට් ලෙස රංගනයේ යෙදෙන Tom Felton, ටීන් වුල්ෆ් කතා මාලාවේ ඩෙරෙක් හේල් සහ සුපර් ගර්ල් කතා මාලාවේ ක්ලාක් කෙන්ට් ලෙස රංගනයේ නියැලෙන Tyler Hoechlin සහ, Warcraft: The Beginning, Dracula Untold, Need for Speed යනාදී චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි, Dominic Cooper විසිනි.

ලිපිය සැකසිම සිසිල ප්‍රසාද් !!!!!!!!!

තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

Stratton (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Stratton.2017.720p.BluRay.x264-[YTS.AG]

Stratton.2017.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles