Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kadhalum Kadandhu Pogum (2016) with Sinhala Subtitles |ආදරයත් පසුවී යයි.. ! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Kadhalum Kadanthu Pogum (2016)

ඔන්න යාළුවනේ නිවාඩු කාලය දිග නිසා ඔයාලට පිට පිටම හොඳ උපසිරැසි ගොන්නක් රැගෙන ආවා. ප්‍රේමම්, ඉරුදි සුට්රු ඔයාලා රස විඳින්න ඇති කියලා හිතනවා. අද මම ගෙනාවේ තවත් අපූරු ෆිලුමක්. මේකේ ප්‍රධාන නළුවා විජය් සේදුපති කීවාම ඉතින් ඕනැම කෙනෙක් මේ චිත්‍රපටයට කැමති වෙයි කියලා හිතනවා. ඒ මදිවට මැඩෝනා සෙබෙස්තියන් මෙන්න දමිළ සිනමාවට ඇවිල්ලා විජය් සේදුපතිත් එක්ක රඟපානවා. මැඩෝනා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඔයාලා හොඳට දන්න සෙලින්. ප්‍රේමම් එකේ ජෝර්ජ්ව බැඳපු කෙල්ල. මේ පාර නම් මුරණ්ඩු චරිතයක් තමයි එයාට ලැබිලා තියෙන්නේ. එයා කීවා විජය් සේදුපති එක්ක රඟපෑම එයාට ලැබුණ භාග්‍යක් කියලා.

මේ වකවානුව විජය් සේදුපතිට ටිකක් හොඳ එකක් මොකද පිට පිටම එයාගේ ෆිලුම් ජනතාව අතරට ගියා. නානුම් රවුඩි තාන් ඔයාලා බලන්න ඇති. අද මම ඇරන් ආව චිත්‍රපටය කාදලුම් කඩන්දු පෝකුම්. කෙටියෙන් කීවොත් කා.කා.පෝ. මෙම චිත්‍රපටිය රිලීස් වෙන මොහොතේ පවා එයාගේ මාස් ෆිලුම “සේදුපති“ චිත්‍රපටයේ උණුසුම තාම පහව ගිහින් නැහැ. ඉතින් මේ චිත්‍රපටයත් ඒ වගේම ජනප්‍රිය වුණා. ඉතන් මම ඔයාලට කතාව පොඩ්ඩක් කියන්නම්.

යාලිනී කියන්නේ ඉංජිනේරු උපාධිධාරිණියක්. එයාගේ එකම ආසාව තමයි, චෙන්නායි වලට ගිහින් රැකියාවක් කරන එක. නමුත් ගෙදර අය මෙයා චෙන්නයි යනවට කැමති වුණේ නැහැ. ඒ නිසා මේකි මොකද කළේ, නිළ වශයෙන් ගෙදරින් පැනලා යනවා. නිළ වශයෙන් පැනලා යන්නේ කොහොමද කියලා ෆිලුම බැලුවොත් තේරෙයි. උඩ දාගෙන ගියාට මොකද චෙන්නයි ගියාට පස්සේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක් තමයි එයාට වුණේ. අවසානේ ඉන්න තැනක් නැතුව බෙහෝම අමාරුවෙන් පොඩි කොළනියකට සෙට් වෙනවා. එතැනදී තමයි සේදුපති ගේ ආගමනය, නම කදිරවන් නැත්නම් කදිර්. කදිර් ඉන්නේ යාලිනීට අල්ලපු කාමරේ. එයා පුංචි පහේ මැරයෙක්. නමුත් හිත හොඳයි. කදිර් යම් යම් අවස්ථාවල බොහොම අව්‍යාජව මේ කෙල්ලට උදවු කරනවා. නමුත් එයාගෙ හිතේ කිසිම යටි අරමුණක් නැහැ, යාලිනී සම්බන්ධව. මේ දෙන්නගෙ ජීවිත දෙවිදිහක් වුණාට ඒවායේ බොහෝ සමාන කම් තියනවා. එම නිසාම මේ දෙපළ එකිනෙකාට සහයෝගයෙන් කල් ගත කරනවා. යාලිනීගේ එකම අරමුණ පරිගණක අංශයෙන් රැකියාවක් ලබා ගන්න. කදිරවන්ගේ අරමුණ බාර් හිමියෙක් වෙන්න. වෙනස්ම පාරවල් දෙකක ගියත්, එක වගේ බලාපොරොත්තු ඇති දෙදෙනෙක් . ඔහොම ඉන්නැද්දි, යාලිනිගේ ජීවිතේ ලොකුම උදවුව කදිරවන් ඉටු කරනවා. ඒ තමයි, යාලිනී යන්න තියන සම්මුඛ පරීක්ෂණයක් පැයකින් පරක්කු කරන එක. කදීර් කොහොමද ඒක කලේ? ඉතින් යාලිනීට රැකියාවක් ලැබිලා ඉහළ තැනකට ගියාට පස්සේ කදිරවන්ව අමතක වෙයිද? ඔයාලම බලලා මේ කතාව තේරුම් ගන්න. “ආදරයත් පසුවී යයි“ කියලා ඇයි නම දැම්මේ කියලා ඔයාලට තේරෙයි.

මේ චිත්‍රපටියට මම කොච්චර ඇලුම් කළාද කියනවා නම්, අවුරුදු සාද පවා මඟහැරලා තමයි මේ උපසිරැසිය කළේ. මේ නිසා හිත් අමනාපකම් පවා ඇති වුණා. නමුත්, ඒ තරම්ම රසවත් සහ විනෝදජනකයි. අවසානෙට මම මේ චිත්‍රපටයේ එක දෙබසක් පහතින් තබා යන්නම්. ජයවේවා !

ජීවිතේ සමහර අවස්ථා එන්නේ එක පාරයි.
ඒවා මඟ හැරියොත්…
අපි ඒ ගැන මතක් කරමින් මුළු ජීවිතේ පුරාම විඳවනවා.. !

Kadhalum Kadandhu Pogum (2016) on IMDb

 

 

400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

720938E66D6920BF76B3D559307F0F2E24D57494

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

CA9BAB1B6827A5075DA052A4B9A238988DCD0D50
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>