Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Aanandam (2016) Sinhala Subtitles |ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016  ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.  ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි නිර්මාණය. ෆිල්ම් වලට සබ් දෙන්න ආස වුනාට තියෙන වැඩත් එක්ක වෙලාවක් හදාගන්න ටිකක් අමාරු වුනා එකට කට්ටිය ඔක්කොගෙන්ම සමාව ඉල්ලනවා. ඔන්න මම ඉදලා ඉදලා සුපිරි මලයාලම් චිත්‍රපටයක් ගෙනාවා. ෆිල්ම් එක තමයි Aanandam මේකේ අපි මලයාලම් ෆිල්ම් වල ගොඩක් දකින කට්ටිය නම් නෑ. IMBD අගය 7.2 ලබාගෙන තියෙනවා ෆිල්ම එක කරලා තියෙන්නෙ අලුත් අධ්යික්ශකවරයෙක් ඒක වෙන්න ඇති සමහරවිට අලුත් මූණු ටිකක් ගේන්න ඕනි කියලා හිතන්න ඇත්තේ. නමුත් මම වගකිමෙන් කියනවා මේක සුපිරි ෆිල්ම් එකක්. IMBD අගය බැලුවමත් ඒක පේනවනේ, වැඩිය කතා ඕනි නෑ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.

මේ ෆිල්ම් එක කැම්පස් එකක ලමයි සෙට් එකක් ගැන තමයි තියෙන්නෙ. කැම්පස් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ  කොල්ලො කෙල්ලොන්ට ඉතිං පාසල් ජිවිතේ වගේම අමතක කරන්න බැරි කාලයක් තමයි කැම්පස් කාලේ කියල කියන්නෙ. ඒ කලෙත් යන බැජ් ට්‍රිප් එක තමයි ඉගෙන ගන්න එකෙන් අයින් වෙලා විනොදවෙන්න පුලුවන් නියම ආතල් එක. මේ කතාවෙත් තියෙන්නෙ කැම්පස් ලමයි කට්ටියක් යන බැජ් ට්‍රිප් එක් ගැන තමයි එත් මට වෙලාවකට හිතුනා මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ ඉන්දියාවේ සමහර නගර ගැන ඉස්මතු කරන්නද කියලත්. එහෙම පොඩි එකක් තිබ්බට මේකේ තියෙන්නෙ කැම්පස් කාලේ ආදරය , යාලුවෝ ගැන ඒවගේම හැමදාම දේශන වලදි අපිට බනින්න හදන සමහර මහාචාර්යවරු පිටින් බැලුවම එහෙම නෑ කියලා දැනෙන කතාවක්.

මේ ෆිල්ම් එක ගොඩ නැගෙන්නෙ චරිත කිහිපයක් වටා අක්ශේ , ගෞතම්, කුප්පි, වරුන්, දියා, දේවිකා, චාකෝ සර් ඒවගේම ලව්ලි මිස් ,ඔව් ඔව් මිස්ගේ නම වගේම වැඩත් ලව්ලි අක්ශේ කියන්නෙ බයගුල්ලෙක් ,ගෞතම් කෙල්ලට පණ බයයි, කුප්පි කියන්නේ ආතල් පොරක්, වරුන් කියන්නේ සීරියස් කෙනෙක් හැමදෙම පිලිවෙලට කරන්නෙ දියයි, දේවිකායි හුරුබුහුටියි චාකෝ සර් කාරයා නම් ෆයර් වෙච්චගමන් ඉන්නේ ලව්ලි මිස් නම් ලව්ලිම තමයි. මෙයාල ඔක්කොම බැජ් ට්‍රිප් එක යනවා. වැඩේ ප්ලෑන් කරන්නේ වරුන් තමයි. HOD අහපුගමන් මුලු බැජ් එකම එකහෙලාම වරුන් තමයි වැඩේ කරන්න ඕනි කියල යෝජනා කරනවා. ඒකට හේතුව වරුන් දෙයක් කලොත් සුපිරියට කරනවා මෙයාලට චාකෝ සර් බොන්න තහනම් කියලා නිතියක් දානවා. එකටත් කට්ටිය සෙට් වෙලා සුපිරි ප්ලෑනක් ගහනවා. එකෙන් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ බලන්නකෝ මොකක්ද ගේම කියලා.අක්ශේ තමයි මේ කතාවේ නායකයා ඒ වගේම දිය තමයි නායිකාව කතාව අක්ශේ හැමදේටම බයයි ඒත් දියා එහෙම නෑ අක්ශේ දියාට පණ ඇරලා ආදරේ කරනවා ඒ වුනාට ඉතින් බයගුල්ලෙක්ට කෙල්ලෙක් ආදරේ කරයිද? කතාව බලලා හොයාගන්න වෙන්නෙ.

මං මෙහෙම දෙයක් කියලා මගෙ ලිපිය අවසාන කරන්නම්. කෙල්ලෙක්ගේ අවංක ආදරේට පුලුවන්  කොල්ලෙක්  මනුස්සයෙක් කරන්න ඒවගේම ඕනිම දෙයක් කරන්න ශක්තියක් වෙන්න. දෙයක් බලපු ගමන් තීරන ගන්න එපා. හදවතින්ම විතරක් නෙවෙයි මොලෙත් පාවිච්චි කරලා තීරණ ගන්න.  හැමෝගෙන්ම ඉල්ලන්න කැමතියි ආදරේ කරන කෙනාට අවංක වෙන්න ඔවුන්ට උදව් අවශ්‍ය වෙලාවට ලගින් ඉදලා උදව් කරන්න. කතාව බලන්න ආරාධනා කරනවා ඒ වගේම මං කිව්ව දේ ගැනත් තේරුම් ගන්න පුලුවන් වෙයි.

ඊලඟට Prithviraj Sukumaran ගේ ෆිල්ම් එකක් සබ් කරන්න හිතාගෙන ඉන්නේ කලින් මං ෆිල්ම් එකට සබ් දුන්නම කරපු ඉල්ල්මක් තිබ්බා ඒක කරන්න ඕනි කියලා හිතෙනවා. එහෙනම් මං අදට සමුගන්නවා.

හැමෝටම තමන්ගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට ජය !!!

ආයෙත් අලුත් උපසිරැසියකින් හමුවෙමු.

Aanandam (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Aanandam DVDRip x264 HEAAC ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් සංජය” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>