Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Trapped (2017) with Sinhala Subtitles |අනේ, මා බේරාගන්න [සිංහල උපසිරැසි සමග]

$
0
0

පොඩ්ඩක් හිතන්න, කවුරුත් නැති තට්ටු තිස් පහක බිල්ඩිමක්.

ඔයා ඉන්නවා උඩම තට්ටුවේ.
තට්ට තනියම.
අද ඔයා ජීවිතේ වැදගත්ම දෙයක් කරන්න යන්නේ.
ඒකට තව පැය දෙකක් තුනක් තියෙන්නේ.
ඔයා ලොකු හදිසියකින් ඉන්නේ.
ඔයා ගෙයින් එලියට ආවා.
දෙයක් අමතක උනානේ, ආයේ හැරුනා.
ගෙයි යතුර දොරේ තියෙද්දීම ඔයා ගේ ඇතුලට ආවා
හුලං පාරක්
දඩාස්..!!!
ඔයා ඇතුලේ… යතුර එළියේ..
දොර එළියෙන් ලොක් වෙලා.
ඕවත් ප්‍රශ්නද?
ෆෝන් එක ළඟ ඇතිනේ…
බලන් ඉන්න අපිට එහෙම හිතුනට
 
හිතනවට වඩා ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන්මේ එන්නේ 2017 වසරේදී බොලිවුඩයෙන් මතු වෙච්ච හැබැයි වැඩි අවධානයක් දිනා නොගත්ත, ආදායම් වාර්තා තියන්න හිතුවෙවත් නැති නමුත් විචාරකයන්ගේ තරු පහෙන් හතරක්ම ගත්ත මැණිකක් අරගෙනයි.  අධ්‍යක්ෂකතුමා වික්රමාධිත්‍ය මොට්වානේ, එයා අතින් අතින් බිහි වෙච්ච මාස්ටර්පීසස් දෙකක් තමයි Lootera (2013) සහ Udaan (2010) කියන්නේ. ඒ දෙක බලපු කෙනෙක්ට නම් අමුතුවෙන් මේ චිත්‍රපටිය යෝජනා කරන්න ඕන නැහැ. අවුරුදු 4කට පස්සේ එයා තමන්ගේ සුපුරුදු වෙනස් වෙන රිද්මයටරාජ් කුමාර් රාඕ කියන අසහය කුඩා නළුවාගේ රංගන හැකියාව කවලම් කරලා  Trapped (2017) කියන කුතුහලාත්මක සිනමා සිත්තම අරන් ඇවිත් තියෙනවා. IMDb අගය 8යි. හැමදාම එකම වට්ටෝරුවට යන බහුතර චිත්‍රපටි අතරේ ආයේ මේ වගේ බොලිවුඩ් චිත්‍රපටියක් බලන්න වෙයිද දන්නේ නැහැ.ඒ හින්දා දෙපාරක් නොහිතා මේ Survival ගණයේ චිත්‍රපටිය බලන්න කියලා ඉල්ලා හිටිනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilMV.io – Trapped (2017) Hindi DVDRip – 700MB – x264 – 1CD – MP3 – ESub

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>