Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dragon Wars: D-War (2007) with Sinhala Subtitles |මකර ආත්මය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය එක් වන උපසිරැසිය අරගෙන ආවා. හිතන්න ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ තිබෙන නගරවල සිද්ද වෙන නවීන යුද්ද දර්ශන, ගෝඩ්සිලා චිත්‍රපටයේ තිබෙන විශාල සත්වයන් ගොඩනැගිලි විනාශ කිරීම් දර්ශන, ඇනකොන්ඩා චිත්‍රපටයේ තිබෙන සුවිශාල සර්පයන්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිබෙන සුවිසල් යුද්ද දර්ශන, කුන්ග් ෆු යොගා චිත්‍රපටයේ තිබෙන ඉතිහාස පුරාවෘත්ත, සාමාන්‍ය ඕනෑම චිත්‍රපටයක දක්නට ලැබෙන ආදර කතන්දර ඔක්කොම එකතුව තිබෙන චිත්‍රපටයක් ගැන. මෙන්න මම ඔයාලට අරගෙන එන මේ චිත්‍රපටය හරියටම ඒ ඔක්කොගෙම එකතුවක්. කොටින්ම මම මේ වගේ චිත්‍රපටයක් කිසිදින දැකලා නැ. උපරිම තාක්ෂණයේ දුශ්‍ය ප්‍රයෝග බාවිතයෙන් තමා මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.

ඇත්තටම මට මේ චිත්‍රපටය දක්නට ලැබුනේ අහම්බෙන්. චාමල් කැලුම් අතපත්තු සහෝදරයා දුන්න Part Time Spy චිත්‍රපටයේ ටොරන්ට් එකක් හොයනකොට අහම්බෙන් තමා මේ චිත්‍රපටය දක්නට ලැබුනේ. ඉතින් ට්‍රේලර් එක බැලුවම හිතා ගන්න බැරි උනා මේ චිත්‍රපටය ගැන. ඉතින් ඔයාලටත් කියන්නේ ෆිල්ම් එක බලන්න කලින් ට්‍රේලර් එක බලන්න. කොහොමහරි මේ චිත්‍රපටය ඉංග්‍රීසි සහ කොරියන් බසින් නිර්මාණය වෙලා තියෙන එකක්. ඔයාලට මේ උපසිරැසිය උනත් මේ බාසා දෙකෙන්ම තියන ඕනෑම වීඩියෝ පිටපතකට හරියනවා.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් මේක කොරියාවේ ඉතිහාස කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. කතාවට අනුව ඉන්නවා ඉමොජි කියල සර්පයන් වර්ගයක් ඉතාමත් විශාල. සෑම අවුරුදු පන්සියයකට වතාවක් එක ඉමාජි කෙනෙක්ට අවසර ලැබෙනවා මකරෙක් බවට පත්වීමට. ඒ දෙව්ලොවෙන් ලැබෙන යුහ් යි ජෝ කියන බලය හරහා. මේ සිද්දිය අවුරුදු පන්සියයකට කලින් වෙන්න යන වෙලාවේ එම අවස්ථාව හිමි වෙච්ච ඉමාජිගෙන් බරාකි කියන වෙනත් ඉමාජි කෙනෙක් යුහ් යි ජෝ බලය පැහැර ගන්න හදනවා. ඉතින් දෙව්ලොවෙන් කරන්නේ එම යුහ් යි ජෝ බලය පෘතුවියේ දැරියකගේ ආත්මයේ සඟවන එක. එයාට අවුරුදු විස්ස සම්පුර්ණ වෙන කොට ඉමාජි එම බලය ලබා ගන්න ඕන. ඉතින් ඒ අවස්ථාවේ බරාකිට එම බලය ලබා ගන්න බැරිවෙනවා. ඉතින් ඊළඟ අවස්ථාව ආවේ අවුරුදු පන්සියයකට පස්සේ. ඉතින් ඒ සිදුවීමත් පැරණි සිද්දි ටිකත් තමා මේ චිත්‍රපටය. මුල ඉඳල අගටම කම්මැලි නැතුව  බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක.

ඉතින් මම ඊළඟට අර කලින් කිව්ව රුපවාහිනී කතාමාලාව තමා අරගෙන එන්නේ. ඉතින් එකත් අරගෙන එන්නම් ඉක්මනටම.

බුදු සරණයි..

Dragon Wars: D-War (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dragon.Wars.D-War.2007.720p.BluRay.H264.AAC-RARBG
Dragon.Wars.D-War.2007.720p.BluRay.x264-[YTS.SG]
Dragon.Wars.D-War.2007.1080p.BluRay.x264-[YTS.SG]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>