මේ අවුරුද්දේ මැයි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න. අප්‍රේල් මාසයේ උපසිරැසි 4ක්ම දෙන්න පුළුවන් උනාට මේ මාසයේ නම් මං ඔයාලට අරං එන පළවෙනි උපසිරැසිය තමා මේ. සමස්තයක් විදිහට කිව්වොත් මගේ විසි දෙවන උපසිරැසිය.
මේ මාසයේ වැඩ ගොඩක හිර උනා. මගේ රට යන වැඩත් ප්ලෑන් කරන් යන නිසා වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඔක්කොටම හපන් මේ අන්තිම කටේ මට කෙල්ලෙක්ටත් හිත ගියානේ. අනේ මන්දා දැන් කෙල්ලද රට යන එකද කියල හිත හිත ඉන්නේ. ඔලුවත් නරක් වෙනවා ඒ ගැන හිතෙනකොට. ඒ වැඩ හරි ගියොත් පස්සේ කියන්නම්කෝ. අපි එහෙනම් කතාවට එමු. ඇත්තටම මං හිතුවේ මේක ගිය අවුරුද්දේ ඒවි කියලා. ඒත් මේකේ මුල්ම තිරගත වීම උනේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ ඇමෙරිකාවේදී.
ත්‍රාසජනක, කුතුහලයෙන් පිරුණු මේ කතාවට පදනම වෙන්නේ පිරිමි ළමයෙක්ව පැහැර ගැනීමේ සිද්ධියක්. කර්ලා (Halle Berry) කියන්නේ පොඩි හෝටලයක වැඩ කරන වේටර් වරියක්. එයාගෙ පවුල් ජීවිතයේ ප්‍රශ්න තියනවා. ඒ හැමදේම තියාගෙන තමන්ගේ එකම පුතාව ඒ කියන්නේ ෆ්‍රෑන්කීව (Sage Correa) ලොකු මහත් කරන එක තමා කර්ලාගෙ ලොකුම හීනය. හැම අම්මා කෙනෙක් වගේම කර්ලාත් තමන්ගේ පුතාට පණටත් වඩා ආදරෙයි.
දවසක් කර්ලා, පුතා එක්කගෙන පාක් යනවා. ඒ වෙලාවේදී කර්ලාට කෝල් එකක් එනවා එයාගෙ සැමියාගෙන් දික්කසාද වීමට අදාලව. ඉතිං කර්ලා පුතාව පැත්තකින් තියලා මේ කෝල් එකට උත්තර දෙන අතරතුරේ මිනිස්සු දෙන්නෙක් ඇවිත් පුතාව පැහැරගෙන යනවා.
කතාව ගලාගෙන යන්නේ කර්ලා එයාගෙ පුතාව බේරගන්න කරන උතසහය ගැනයි. තනි ගැහැණියක් විදිහට කර්ලා තමන්ගේ උපරිම උත්සාහයෙන්, මාරක සටනක් දීලා හොරුන්ගෙන් ළමයාව බේරගන්න විදිහ ඇත්තටම පුදුම හිතෙනවා. චිත්‍රපටයක් උනත් මේ කතාව ගොඩක් ප්‍රායෝගික මට්ටමින් හදලා තියනවා. ඒ කියන්නේ බොරු බයිලා, වෙන්න බැරි දේවල් නැති තරම්.
කතාව අධ්‍යක්ෂණය කලේ Luis Prieto. නිෂ්පාදනය කරලා තියෙන්නේ Salt සහ Transformers වගේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනය කල Lorenzo di Bonaventura සහ Erik Howsam කියන දෙන්නයි. මේ කතාවේ IMDb අගය 6.5ක් වෙනවා. එහෙනම් අදට නවතින්නම්. ඊළඟට ඕන Viking (2016) ද නැත්නම් Personal Shopper (2016) ද? වැඩිම මනාපයට මුල් තැන.
හැමෝටම ජය වීවා!
Due to copyright issues, we do not provide any torrent links.
Kidnap.2017.WEB-DL.x264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB DLපිටපත් සඳහා අදාළ වේ.
64 downloads