Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Carnage Park (2016) with Sinhala Subtitles |මාරක නිම්නය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මුලින්ම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සහෝදරයට මේක හදන්න  ඉල්ලගන්න මං දාපු mail එකට ඉක්මනට උත්තරයක් එව්වට. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕනි අමාරු වචන වල තේරුම සොයා දුන් මගේ මිත්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබන ජානක මධුරංග සොයුරාටත්, මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් මට ලබාදුන් බුද්ධික හේරත් සොයුරාටත්. මං මේකේ සබ හදන්න පටන් අරන් එක දවසින් වගේ ඉවර කලා. දෙබස් පේලි හාරසියගාණක් වගේ තමයි තිබුනේ. නොදන්න වචන නම් ගොඩක් තිබුනා. සමහර වචන වල තේරුම මොකකවත් තිබුනෙත් නෑ. කලින් සබ් හදලා තිබුනත් site එකකට වැටෙන මගේ පලවෙනි සබ තමයි මේක.

කතාව ගැන කිව්වොත් මේක ඇවිල්ලා ඇමෙරිකාවේ 1978 පමණ සිදුවුන මිනීමැරුම් රැල්ලක් ගැන සත්‍ය කතාවක්. 2016 ආව film එකක් උනත් පරණ විදිහටම සුපිරියට හදලා තියනවා. අපරාධ ගණයේ චිත්‍රපට බලන අයට නම් මේක හොඳ කතාවක් වේවි. කතාවේ නායිකාව තමයි “විවියන් ෆොන්ටීන්” (Ashley Bell). තමන්ගේ ඉඩමේ ඔප්පුව උකස් කරන්න බැංකුවට යන විවියන්ට සිද්ධවෙනවා බැංකුව මංකොල්ල කන්න ආව මංකොල්ලකාරයෝ දෙන්නෙක්ගේ ප්‍රාණ ඇපයට යටත් වෙන්න. කොහොමහරි මේ මංකොල්ලකාරයෝ දෙන්නා බැංකුව මංකොල්ලකාලා විවියන්වත් අරගෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ තියන භයානක උද්‍යානයක් හරහා තමයි යන්නේ. මේ උද්‍යානයට යන කිසිම කෙනෙක් පණපිටින් එලියට ඇවිත් නම් නෑ කියලා තමයි කියන්නේ. මේ අතරේ විවියන්ගේ පැත්තෙන් මිනිස්සු දාපු පැහැරගැනීමේ පැමිණිල්ල නිසා ඒ නගරයේ ඉන්න ෂෙරිෆ් විවියන්ව හොයාගෙන මේ උද්‍යානය පැත්තට එනවා. මේ උද්‍යානයේ තියන භයානක කම මොකක්ද? මංකොල්ලකාරයන්ට මොකක් වෙයිද? විවියන්ට මේ භයානක උද්‍යානයෙන් පිටවෙන්න පුලුවන් වෙයිද? ෂෙරිෆ් විවියන්ට උදව් කරයිද? මේවට උත්තර හොයාගන්න නම් Film එක බලන්නම වෙනවා.

සබේ පොඩි පොඩි අවුල් ඇති. ඒකට සමාවෙලා හොඳයිනම්, මගේ උත්සහය අගය කරන්නත් එක්ක පොඩි comment එකකුත් යටින් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ. ජය වේවා !!!!!

 

Carnage Park (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Carnage.Park.2016.BRRip.XviD.AC3.EVO

ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයෂාන් ඉන්ද්‍රශංඛ (ගයා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>